Ads 468x60px

.

මේ මියගිය තරුණියට තවමත් යුක්තිය ඉටු වී නැත...

රජයේ රැකියාවක් දෙනවා කියා මරදානේ හෝටලයකට ගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දුෂණය කරලා...

මේ ඡා
යාරූපයේ සිටින්නේ මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියයි.



ඇය සේවය කලේ කටුනායක ඇඟලුම් කම්හලකය. මුදලින් දුප්පත් නමුත් රුවින් පොහොසත් මෙම තරුණිය  පාසල් අධ්‍යාපනය නිම කිරිමටත් ප්‍රථම රැකියාවකට ගියේ නිවසේ තිබු අග හිඟකම් නිසාය. 




1999 වසරදී සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන  අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.Cජයසිංහ) ඇයට අහඹු ලෙස මුණ ගැසුණු අතර මෙම මිනිසා ඇයගේ  ජීවිතය සදාකාලික අන්ධකාරයකට හෙලන බව ඇය දැන සිටියේ නැත.  
 


ගාමන්ට් කෙල්ලන් යනු කෙලි බඩු ලෙස සැලකු කාමතුරයෙකු වන මුද්දරගම පදිංචිව සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ජේ . ඩී සී ජයසිංහ ප්‍රියදර්ශනී ගේ රූපයට වශී  වූ අතර ඇයට මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක්  ලබා දෙන බවට පොරොන්දු විය. 


රජයේ රැකියාවක් ලබා ගැනීමට පෙරුම්පුරමින් සිටි තරුණිය මේ කරුණාවන්ත මහතාගේ වචන විස්වාස කලාය.  

මේ අනුව දිනක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්මුඛ්‍ පරීක්ෂණයකට ඒමට කියා ඔහු මිනුවන්ගොඩ මල්දෙනියගේ ප්‍රියදර්ශනී ගෙන්වාගෙන මරදාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දුෂණය කළේය.



අනාගතය ගැන දහසක් බලපොරොත්තු තබා සිටි තරුණිය තමා කපටියෙකුට රැවටුණු බව තේරුම් ගත්තාය. නමුත් ඒ වන විට ඇය ප්‍රමාදය. ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ  මුද්දරගම ප්‍රදේශයේ ජිවත් වූ විවාහකයෙකි. මත්පැනට ලොල් වී සිටින මෙම නිලධාරියා මාන්ගෙදර මුද්දරගම ගම් වාසීන් විසින් හඳුන්වන්නේ කුකුල් චාලි නමිනි.  




තමාට සිදුවූ අසාධාරණය ගැන ජේ . ඩී සී ජයසිංහ ගේ බිරිඳ හමුවී තතු කීමට මල්දෙනියගේ ප්‍රියදර්ශනී ජේ . ඩී සී ජයසිංහ ජීවත් වන මීරිගම - මුද්දරගමට ගියාය. නමුත් ඔහුගේ බිරිඳ ඇයට මුහුණ දුන්නේ නැත. ඒ නිසා ඇය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස මහතා හමු වී තමාට සිදු වූ ලිංගික අතවරය ගැන දැනුම් දීමක් කලාය.
 


මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස යනු ජේ . ඩී සී ජයසිංහ ගේ සමීප මිතුරෙකු බව ප්‍රියදර්ශනී දැන සිටියේ නැත. ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස තරුණිය විසින් කල ලිබිත පැමිණිල්ල යට ගැසීමට උත්සහ කළේය. ඔහු ඇයට කළු ගලේ ඔලුව නොගසාගන්නා ලෙසටද අවවාදයක් කල බව එම අවස්ථාවේ එතැන සිටි මුද්දරගම ප්‍රදේශවාසියෙක් පසුව පවසන ලදී.


ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සගෙන් සාධාරණයක් නොවන නිසා තරුණිය මීරිගම පොලිස් ස්ථානය වෙත යාමට සුදානම් විය. එයටද ග්‍රාම නිලධාරිවරයා බදා කළේය. නමුත් තරුණිය පොලිසියට ගියාය.




තරුණිය පොලිසියට පිටත් වීමත් සමගම ග්‍රාම නිලධාරියා දුරකතනයෙන් ජයසිංහ අමතා සියලු තොරතුරු කිවේය. ඔහු වහාම ක්‍රියාත්මක වී අදාල ස්ථාන දැනුවත් කළේය. මීරිගම පොලිසියට ගිය මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියට කිසිම අනුග්‍රහයක් නොලැබිණි. 
 


යටත් පිරිසෙන් ඔවුන් අයගේ පැමිණිල්ල ලියා ගැනීමට පවා උනන්දු නොවුහ. ඇයට සැලකුවේ ගණිකාවකට මෙනි. මේ නිසා අසරණ වූ තරුණිය පොලිස් ස්ථානයෙන් පිට වුවාය. මේ අතර ස්ත්‍රී දුෂකයා ප්‍රියදර්ශනීට තර්ජනය කරමිනි යළි මුද්දරගමට පැමිණියහොත් අයගේ මුළු පවුලම මරා දමන බවට තර්ජනය කළේය. 
 


ස්ත්‍රී දුෂක ජේ . ඩී. සී ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ ගේ තර්ජන නිසා තරුණියට රැකියාවට පවා යාමට නොහැකි වුවාය. දුෂකයාගේ තර්ජන , අවමාන , නිසා තරුණියට තව දුරටත් ජීවත් වීම එපා විය. මේ හිරිහැර කරදර නිසා 1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය කිරීමෙන් දිවි නසා ගත්තාය. ඇයගේ මරණයත් සමගම ස්ත්‍රී දුෂණය යට ගැසීමට ජයසිංහ සමත් විය.




මෙම දුෂණයට විරුද්ද වූ මුද්දරගම ගම් වාසීන් විසින් නොයෙකුත් කාන්තා සංවිධාන දැනුවත් කිරීමෙන් පසු කාන්තා පරියේෂණ කේන්ද්‍රයේ පී පතිරණගේ සහ කමලිනි විජේතිලක යන මහත්ම මහත්මීන් විසින් 1999 වසරේ මල්දෙනියගේ ප්‍රියදර්ශනී විසින් මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සට කල ලිබිත පැමිණිල්ලේ පිටපතක් ඉල්ලා සිටියද ඔහු එවැනි පිටපතක් තමා ළඟ නොමැති බව පවසා පරීක්ෂණයට කිසිදු සහයෝගයක් නොදැක්විය. 
 


මේ වන විට ජේ . ඩී. සී ජයසිංහ ගේ උපදෙස් මත ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස විසින් එම පිටපත විනාශ කරන්නට ඇති බව මුද්දරගම ප්‍රදේශයේ සමාජ සේවකයෙකු වන ටී. කේ විමලසේන මහතා අප සමග පැවසිය. එසේම තමන්ට විරුද්දව සාක්ෂි දෙන පුද්ගලයන් කසිප්පු නඩු වලට හිර කරන බවට ජේ . ඩී. සී ජයසිංහ විසින් කර ඇති විවෘත තර්ජනය නිසා බොහෝ ගම්වාසීන් දැන් නිහඬව සිටිති. 
 


මෙම පුද්ගලයා මිට වසර කීපයකට පෙර ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාල භූමියේදී වැඩිවියට පත් වූ සිසුවියකගේ පියයුරු මිරිකීම නිසා එම විදුහලේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කොට තිබුණු බවද වාර්තා වේ. 
 


එසේම ඔහු ඔහු වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ සිටියදී සිදු කරන ලද මුල්‍ය වංචාවක් නිසා එවකට වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතාගේ පැමිණිලි කිරීම මත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා විසින් නින්දිත ලෙස පළවා හරින ලද පුද්ගලයෙකි.



දැන් මල්දෙනියගේ ප්‍රියදර්ශනී මිය ගොස් වසර 13 ගතවී ඇත.  නමුත් ඇයගේ ජීවිතය විනාශ කල ස්ත්‍රී දුෂකයා තවමත් නිදැල්ලේය. මෑතකදී එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිණී කෝන්ගහගේ  මහත්මිය විසින් මෙම ස්ත්‍රී  දුෂණය යලි විභාගයට ගත යුතු බවට අවධාරණය  කලාය. ස්ත්‍රී  දූෂක ජේ . ඩී. සී ජයසිංහ නීතිය හමුවට ගෙන ඒමට මේ සඳහා ඇයට ශක්තිය ලැබේවා යැයි අප  ප්‍රර්ථනා කරමු. 



- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails