Ads 468x60px

.

උදාරි සිංගප්පුරුවේ ගතකරන සුන්දර ජීවිතය...

අපේ අයට කියන්න මම ඉක්මනට ලංකාවට එනවා කියලා...
හැබැයි තනියම නෙවෙයි...
මගේ ආදරණිය සුජිත සහ පුංචි දු කුමාරිය එක්කයි...

සිය කුළුඳුල් දරු ප්‍රසූතිය වෙනුවෙන් සිංගප්පූරුවට ගොස් සිටින ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මේ දිනවල ගතකරන සුන්දර ජීවිතය පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙන්න මෙලෙසිනි.



ඉතින් උදාරි කොහොමද ?
අනේ ගොඩක් හොඳයි අයියේ..ජිවිතේ මල් යහනාවක් කියල මට නම් හිතෙන්නේ. ඇත්තටම අයියේ මට සුජිත් හම්බවෙන්න ඇත්තේ පෙර පිනකට වෙන්න ඇති. පුදුම හොඳ සැමියෙක්. මම මෙහෙට ආවේ පහුගිය පෙබරවාරි 4 වෙනිදා. ඒ කියන්නේ අපේ රටට නිදහස ලැබුන දවසෙයි. මම ආව එකෙන් ඔයාලටත් ගොඩක් නිදහස් ඇති නේද?


පෙබරවාරි මාසේ මම මෙහෙ ආවට පස්සේ මගේ උපන්දිනය වෙනුවෙන් සුජිත් මාව සති දෙකකට විතර යුරෝපයට එක්ක ගෙන ගියා. ප්‍රංශය ස්විස්ටර්ලන්තය, ස්පාඥ්ඥය රටවල අපි සැරිසැරුවා. එයා මාව පුදුම විදියට සතුටින් තියන්න උත්සාහ ගන්න පුදුම සැමියෙක්.


එතකොට පහුගිය කාලයේ ලංකාවට අවේම නැද්ද?
පහුගිය අප්‍රේල් මාසේ දවස් පහකට විතර ලංකාවට ආවා. ඇවිත් කෙලින්ම ගියේ හෝර්ටන් තැන්නට. ලංකාවේ මම ආසම කරන තැන එතනයි. ඒ පළාතේ එක කඩයක් තියෙනවා.එතන හදන රොටි කන්න මම හරි ආසයි.


එතකොට සිංගප්පුරුවේ ඉඳලා එකපාරටම ආවේ රොටි කාල යන්නද?
අයියෝ ඔයගොල්ලෝ විහිලුකරන්න එපා අනේ.


ඇයි සිංගප්පුරුවේ ඇවිද්දේ නැද්ද?
ගියා ගියා සන්තෝෂ් දුපතට, යුනිවර්සල් ස්ටුඩියෝ එකට, බර්ඩ් පාක් එකට, සු එකට ඔය ඔක්කොටම වාගේ ගියා. හරි ශෝක අනේ


මොකද්ද?
මෙහෙ ගෙවන ජිවිතේ අයියෝ.. පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ.

අපේ අයට කියන්න මම ඉක්මනට ලංකාවට එනවා කියලා.. හැබැයි තනියම නෙවෙයි.. මගේ ආදරණිය සුජිත සහ පුංචි දු කුමාරිය එක්කයි.


උදාරි සිංගප්පූරුවේදී ගන්නා ලද නවතම ඡායාරූප කිහිපයක් පහතින්.







 
Related Posts with Thumbnails