Ads 468x60px

.

හෙදියකගේ නොසැළකිල්ල නිසා කිරිකැටියාගේ ඇඟිල්ල අතින් වෙන්වේ

සුළැගිල්ල කැපී ඇති බව දන්නේ දරුවන් ලැබී දින 6කට පසුවයි...

නිවුන් දරු උපතකින් මෙලොව එළිය දුටු බිළිදියකගේ සුළැගිල්ලක් හෙදියකගේ වරදක් හේතුවෙන් කැපී වෙන් වී යාමේ සිද්ධියක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලින් වාර්තා වෙනවා. මෙලෙස කැපී ඇත්තේ අදාළ ළදරුවාගේ වම් අතෙහි සුළැගිල්ලයි.

නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන ළදරුවෙකුට සවිකර ඇති කැනියුලා උපකරණය ඉවත් කිරිමට යාමේදී හෙදියකගේ අත්වැරදීමකින් මෙය සිදුවී ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.

අදාළ ඇගිල්ල යළි බද්ධ

කිරීමේ ශල්‍යකර්මයක් සිදුකල බවත්, එම ශල්‍යකර්මයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයට පැමිණිය නොහැකි බවත් වෛද්‍ය රණවීර මහතා සඳහන් කරයි.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කුරුණෑගල  - ඉබ්බාගමුව ප‍්‍රදේශයේ මාඑළිය ගම්මානයේ  මාපිය දෙපළකගේ බිලිදෙකි.දරු ප‍්‍රසූතිය සඳහා අදාළ මව පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කරනු තිබේ. 

පෙරේදා (23) වන විට ප‍්‍රසුත කළ නිවුන් දරුවන්ට දින 6ක් ගතවී තිබු අතර එම දරුවන්ගෙන් බිළිදියගේ සුළැගිල්ල හෙදියකගේ වරදින් කැපී ඇති බව රෝහල් බලධාරීන්ට වාර්තා වී ඇත්තේ පෙරේදා (23) දිනයේදීය.

සිද්ධියට සම්බන්ධ හෙදිය පිළිබද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සෞඛ්‍ය දෙපාර්තමේන්තු මට්ටමින් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. ප්ලාස්ටරයක් කපද්දී එය සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ශල්‍ය වෛද්‍ය සමන්ත කිරිවත්තුඩුව ඇඟිල්ල බද්ධ කිරීමේ සැත්කම කෙළේය. 


එම සැත්කමේ සාර්ථක අසාර්ථක භාවය ගැන දැන්ම කිව නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි. ඇඟිල්ල කැපී ඇත්තේ බදාදාය. කුරුණෑගල ආර්.එම්. ජයසුන්දර මහතාගේ දරුවා මේ ඉරණමට ගොදුරු විය.
 
Related Posts with Thumbnails