Ads 468x60px

.

නැව ගිලෙන බව මීට සතියකට පෙර සිට මාධ්‍යවේදීන්ට වාර්තා වෙලා, ඒත් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නෑ...

වෙරළට තවම තෙල් ආවේ නැහැනේ, ආවොත් අපි බලාගන්නම් කියලා තවමත් කියනවලු...

හදිසියේම ඇස් ඇරුණේ නෞකාවේ තිදෙනෙකු නැවෙන් එළියට පැමිණීමෙන් පසුවයි...

වසර 5 ක් තිස්සේ පානදුර මුහුදේ වෙරළට සැතපුම් 3 ක් දුරින් නැංගූරම් ලා තිබූ තර්මෝපීලී සියෙරා නම් සයිප්‍රසයට අයත් වෙළෙඳ නෞකාව ඊයේ මුහුදේ ගිලී ගියේ ය. ඒ වන විට එහි තිබූ නැව් තෙල් ටොන් 350 න් 70 ක් ඉතිරිව පැවැතින. අද වන විට එම තෙල් මුහුදට එක් වෙමින් මුහුදු දියවැල් සමග මීගමුව දක්වා පැතිරෙමින් පවතී. 

පානදුර සිට මීගමුව දක්වා වෙරළ අනතුරකට
මුහුණ පා තිබේ. තවමත් වෙරළ සංරක්ෂනයත් පරිසර අමාත්‍යාංශයත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයත් “වෙරළට තවම තෙල් ආවේ නැහැනේ, ආවොත් අපි බලාගන්නම්” ආදී කතා කියමින් සිටී. වසර 5 ක් තිස්සේ බලා සිටියා මෙන්ම තවත් බලා සිටිති.

මෙම නැව ගිලෙන බව මීට සතියකට පෙර සිට මාධ්‍යවේදීන්ට වාර්තා වී තිබුනද කරන ලද විමසීම් වලදී අදාල බලධාරීන් පැවසුවේ “නෑ එහෙම දෙයක් නෑ” යනුවෙනි. සමහරුන් කීවේ “අධිකරණයේ තිඛෙන ප්‍රශ්නයක් නිසා අපට කිසිවක් කියන්න බෑ” කියා ය. හදිසියේම ඊයේ ඇස් ඇරුණේ එම නෞකාවේ සිටි තිදෙනෙකු නැව ගිලෙන බව පවසා නැවෙන් එළියට පැමිණීමත් සමගය.

මෙම නැව මෙහි නැංගූරම් ලා තිබුනේ නැවේ සේවකයන් සහ අයිති සමාගම අතර ආරවුලක් පිළිබඳ නඩුවක් ශ්‍රී ලංකා අධිකරණයේ පවරා තිබූ නිසා ය. ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කෙතරම් කාලය මරනවා දැයි යන්න මෙයින් හොඳින් තේරුම් ගත හැක්කේ වසර 5 ක් තිස්සේ ම ඊට විසඳුමක් ලබා නොදුන් බැවිනි. මෙම නැව ගිලී යාමට ඇති ඉඩකඩ වැඩි බැවින් එහි තිබූ තෙල් ටොන් 350 කට අධික ප්‍රමාණයෙන් ටොන් 270 ක් ඉවත් කර ගත් නමුත් තවත් තෙල් ටොන් 70 ක් ඉතිරි කෙළේය. 

පැවැති අනතුර ගැන පරිසර අමාත්‍යාංශයට යම් අවබෝධයක් තිබී මෙම නැව ත්‍රිකුණාමල වරාය දක්වා ඇදගෙන යාමට ක්‍රියා කරද්දී නැව් සමාගම විසින් ඊට අධිකරණ වාරණ නියෝගයක් ලබා ගත්තේ ය. වාරණ නියෝගය නිසා පරිසර අමාත්‍යාංශයට පසුබෑමට සිදුවිය. අද එහි ඵල විපාක විඳින්නේ මුළු මහත් ජනතාවමය.

ලංකාවේ අධිකරණය මෙම ව්‍යසනයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. අධිකරණයේ ඇති කටයුත්තක් බැවින් මේ ගැන කතා කිරීමට ද ලංකාවේ මාධ්‍ය බිය විය. පළමුවෙන් මෙම ආරවුල ඉක්මනින් විසඳා අහක යන තෙල් රෙද්ද අස්සේ දා නොගෙන වහාම රටින් ඉවත් කිරීමට කටයුතු කිරීමට වෙළඳ අධිකරණයට ඉඩකඩ තිබිණ. 

එය නොකළ අතර පරිසර අමාත්‍යාංශය මෙම නැව් කබල ආරක්ෂිත ස්ථානයකට ඇද දැමීමට කටයුතු කරද්දී අභියාචනාධිකරණය එයද වැළැක්වූයේය.දැන් තෙල් මුහුදට එක් වෙමින් මහත් පරිසර විනාශයක් කරමින් ජනතාවට පමණක් නොව සතා සීපාවුන්ටද ගහ කොළටද හානි පමුණුවමින් සිටී. 

මේ ටික තේරුම් ගැනීමට බැරි වූ අභියාචනාධිකරණයේ ##### කව්ද? රට සහ ජනතාව ගැන නොසිතා හුදු නීති පොතේ ඇති වචනයන්ට පමණක් තමාට කැමැති කැමැති අර්ථ නිරූපන දෙමින් තීන්දු දෙන විනිසුරුවරුන් මෙම සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත යුතුය. රටේ මහජනතාවගේ නිදහස සහ ඔවුන්ගේ පරමාධිපත්‍යය ට හානි වන නීති තිබිය නොහැක. නීති රීති අර්ථ ගැන්විය යුත්තේ රටේ මහජනතාවගේ නිදහස සහ ඔවුන්ගේ පරමාධිපත්‍යය තහවුරු පරිදි මිස හානි වන අයුරින් නොවේ. 

හානි කළ නඩු තීන්දු ගැන උදාහරණ ඇති තරම් ලංකාවේ අධිකරණයෙන් සොයා ගත හැක. මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට අවසර දෙමින් දුන් නඩු තීන්දුව එවැන්නකි. එමගින් රටේ ප්‍රජාත්නත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ඇතිකරන ලද විකෘතිය අද දක්වා හදා ගත නොහැක.
සාගරයට තෙල් එක්වීමට ඉඩ දෙමින් මෙම ව්‍යසනයට පාදක වූ නඩු තීන්දු දුන් විනිසුරු විනිසුරුවරියන්ගෙන් මෙහි අලාභය අයකර ගත යුතුය. ජනතාවට වන්දි ගෙවිය යුතුය. වරදකරුවන්ට දඩුවම් දිය යුතුය.


මුහුදුබත් වු නැවෙන් කාන්දුවන තෙල් මීගමුවට...
 
Related Posts with Thumbnails