Ads 468x60px

.

තවම ආදරවන්තියක් නෙමෙයි, ඉස්සරහට බලමු, තව කල් තියෙනවා - දිනක්ෂි

අපට වැදගත් තැනක ගිහින් ආඩම්බරයෙන් නිළියක් කියල කියන්න බැහැ...

නිළියකට හොද පිළිගැනීමක් තිබුණට අපේ රටේ නම් එහෙම නෑ...

මම තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් . විවෘත විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගන්නවා.

නැගී  එන නිළියක ලෙස පේ‍්‍රක්ෂකයන් අතර වඩාත් ආදරණීය චරිතයක් වූ දිනක්ෂි පි‍්‍රයසාද් කලා පවුලකටම උරුමකම් කියන්නියකි.

චිත‍්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් පි‍්‍රයසාද්ගේ වැඩිමල් දියණිය වූ ඇය සිය පියා හා එක්ව චිත‍්‍රපට සම අධ්‍යක්ෂිකාවක ලෙසද කටයුතු කර ඇත. ඇය මේ දිනවල අප හමුවන්නේ චාමර ජයනාත් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘පියවි’ ටෙලි නාට්‍ය ඔස්සේය.මේ ඇයගෙන් තොරතුරු බිඳක්.



දිනක්ෂි මේ දවස්වල ටිකක් කාර්යබහුලයි නේද?
ඔව්. ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් සිදුකෙරෙනවා. පියවි, ඒ වගේම සුනෙත් මාලිංග අයියගේ ‘චංචල රේඛා’ ටෙලි නාට්‍යයේත් චාමර ජනරාජ් අයියගේ අලූත්ම ටෙලි නාට්‍යකත් රූගත කිරීම්වලට සහභාගී වෙනවා.

පියවි ටෙලි නාට්‍යයෙන්  ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ගොඩක් හොදයි. පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර අතර ඉහළ තැනක දැන් පියවි නාට්‍ය තියෙන්නේ.

දිනක්ෂි අපට හමුවෙන්නේ පුංචි පැංචි වැඩ සටහනෙන්. ඒ නිවේදිකාව පිළිබද කථා කළොත්
පුංචි පැංචි වැඩ සටහනට නිවේදිකාවන් ගන්නවා කිවුුවම අපේ අම්මා මාවයි නංගිවයි (ශේෂාද්‍රි) දෙන්නම එක්කරටගන ගියා.  අපි දෙන්නම ඒකෙදී තේරුණා. අවුරුදු 7ක් මම පුංචි පැංචි කරා. නිවේදනය කියන්නේ මගෙ ඇගේම තියෙන මම කැමතිම විෂයක් . දැනටත් මම නිවේදනය අත්හැරලා නෑ. ස්වර්ණාහිණියේ බොලිවුඞ් මැජික් වැඩ සටහනත් චැනල් සී නාළිකාවේ ‘විග්ස් ’ වැඩසටහනත් කරන්නේ මම.

ඔබ ළමුන් අතර ජනපි‍්‍රය චරිතයක් ලෙස පාසල් කාලේ මතක් කළොත්
මම ගියේ බම්බලපිටිිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට.  නිවේදිකාවක් විදියට වැඩ කරා වගේම අනෙකුත් කලා කටයුතුවලත් නියැලූනා. එැබැයි කවදාවත් රගපෑවේ නෑ. කන්‍යාරාමයක ඉගෙන ගනිද්දී නීති රීති වැඩි. අපට විශේෂ අවසරයක් දුන්නා රූපවාහිණි වැඩ සටහන් කරන්න වුණත්. උසස්පෙළ කරද්දී මම රෝයල් ඉන්ස්ටිටියුට් එකට ගියේ.

ඇත්තද ඔබ ඔබව නිළියක් කියලා හදුන්වනයට අකමැති කියන්නේ
ඔව්. ඒකට හේතුවක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් නිළියකට හොද පිළිගැනීමක් තිබුණට අපේ රටේ නම් එහෙම නෑ. ඇතැම් නිළියන් නිසාම නිළිය කියන කෙනාගේ ගෞරවය නැතිවෙලා. අපට වැදගත් තැනක ආඩම්බරයෙන් නිළියක් කියන්න පුළුවන්ද?

එතකොට ඔබේ වෘත්තිය මොකක්ද?
මම තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් . විවෘත විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගන්නවා. බාහිර උපාධියත් හදාරනවා. වස්සාන සිහිනයෙන් පටන් අරගෙන මම නාට්‍ය 9 ක විතර රගපෑවා. ඒ කලාවට මම ආදරේ නිසා. ඒත් මගෙ බලාපොරොත්තුව උසස් අධ්‍යාපනයෙන් පස්සේ හොද රැකියාවක නිරත වීම.

සිනමාවට ඔබෙන් ලැබෙන දායකත්වය ගැන කථා කරොත්
පොඩි කාලේ තාත්තගෙ චිත‍්‍රපටිවල පොඩි පොඩි චරිත කළා. ඊට පස්සේ ඔහුගේ චිත‍්‍රපටයකට සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා.ඒකෙම චරිතයකුත් කරන්න ලැබුණා. සිනමාව කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගත යුතු තැනක්. මම රගපානවට වඩා කැමතියි අධ්‍යක්ෂණය ඇතුළු එහි තාක්ෂණික පැත්ත ඉගෙන ගන්න. මොනවා වුණත් ලංකාවේ චිත‍්‍රපටි කරද්දී ඒ දේවල් වගේම ආයෝජනය පිළිබදවත් සැළකිළිමත් වෙන්න  ඕන.

මේ රටේ චිත‍්‍රපට වාණිජමය වශයෙන් අසාර්ථකද?
හැම එකක්ම නෙවෙයි. නමුත් බොහොමයක නිෂ්පාදකවරු හරියට මුදල් ආයෝජනය කරන්න දන්නේ නෑ. මේ රටේ ලක්ෂ 250ට වඩා වියදම් කරලා චිත‍්‍රපයක් කරොත් ඒ මුදල් ආපසු උපයන එක ටිකක් දුෂ්කරයි.

විලාසිතා ගැන මොකද හිතෙන්නේ
මම ගොඩක් කැමති ලස්සනට අදින්න. තමන්ට ගැලපෙන ,තැනට ගැලපෙන විදියට තමයි මම අදින්නේ. නැත්නම් මින්ස්සු අපට හිනාවෙයි. ගොඩක් ගවුම් අදිනවා. සාරියට,  ඔසරියට එහෙමත් කැමතියි.

දිනක්ෂි ආදරවන්තියක්ද?
නෑ . තවම නෑ. ඉස්සරහට බලමු. තව කල් තියෙනවනෙ.



dinaks 

dinakshiii 

dinak 

dinakshi7 

dinaksi
 
Related Posts with Thumbnails