Ads 468x60px

.

රාමක්‍රිෂ්ණ පාරේ නිවසකදී පියාත්, මවත්, නැගණියත් මරා දැමුවේ, විෂ යෝගට්‌ වලට කලවම් කර දීලා...

විශ්‍රාම ගිය පියාට ලැබුණු රුපියල් ලක්‍ෂ 3 ඉල්ලා මොහු නිතරම ඔහුට කරදර කරලා...

නින්ද යැමට පාවිච්චි කරන බෙහෙත් විශේෂයක්‌ අධික ලෙස යෝගට්‌ වලට මිශ්‍ර කරලා...

"තාත්තා පෙන්ෂන් ගිය වෙලේ හම්බ වෙච්ච සල්ලි මම ඉල්ලුවා. ඒත් ඒ සල්ලි මට දුන්නේ නැහැ. ඒ සල්ලි ගන්න අම්මටයි, තාත්තටයි නංගිටයි විෂ මිශ්‍ර කළ යෝගට්‌ කෑමට දී මරා දැමුවා" යෑයි වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ නිවසකදී සිය මවුපියන් හා නැගණිය සාහසික ලෙස මරා දැමූ බව කියන පුත්‍රයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.



වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ නිවසකදී ඉකුත් 15 වැනිදා ත්‍රිත්ව ඝාතනයක්‌ සිදු කළ සැකකරු කොළඹ සිට කුරුණෑගල බලා බස්‌ රථයකින් ගමන් කරන බවට
කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත ඊයේ (24 වැනිදා) දහවල් තොරතුරක්‌ ලැබුනා. ඒ අනුව කඩවත පොලිසියේ නිලධාරීන්ගේද සහාය ඇතිව අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (24 දා) දහවල් මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා.

ඒ වන විට සැකකරු හිස මුඩුකර සිය ස්‌වරූපය වෙනස්‌ කරගෙන සිටි බව ද පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ ඔහු සතුව සිය මවගේ, පියාගේ සහ නැගණියගේ හැඳුනුම්පත් තිබී ඇත. ඊට අමතරව මොවුන් මරා දැමීමට යොදා ගත් විෂ සහිත ද්‍රව්‍යයකින් කොටසක්‌ ද තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබේ. පරීක්‍ෂණවලදී හෙළි වී ඇති අන්දමට මෙම සැකකරු කොළඹ ගතකර ඇත්තේ ඉතාම සුඛෝපභෝගී ජීවිතයකි. තමන් ලබන වැටුපට වඩා දෙතුන් ගුණයක්‌ මුදල් මොහු වියදම් කර ඇත. එසේ වියදම් කිරීමට මොහු මුදල් ලබාගෙන ඇත්තේ හිතවතුන්ගෙන් ණයටය.

සැකකරු සිය මවුපියන්ට සහ ගමේ ඥාතීන්ට පෙන්වා ඇත්තේ තමා ඉතාම සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කරන පුද්ගලයකු බවයි. මොහු මවුපියන් බැලීමට ගමට ගොස්‌ ඇත්තේ විශාල මුදලක්‌ වැයකර ලබාගත් කුලී මෝටර් රථවලය. විශාල වශයෙන් මුදල් වියදම් කිරීම සඳහා ලබා ගත් ණය මුදල් ගෙවා දැමීමට නොහැකි වීම නිසා මොහු පසුව දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිට ඇත.

විශ්‍රාම ගිය පියාට ලැබුණු රුපියල් ලක්‍ෂ 3 ක පමණ මුදල ඉල්ලා මොහු නිතරම ඔහුට කරදර කර තිබේ. එහෙත් පියා එම මුදල් ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මේ හේතුව නිසා පියා සහ පුත්‍රයා අතර නිතර නිතර ආරවුල් හටගෙන තිබිණි.

මුදල් ඉල්ලා ගැනීම සඳහා කොටගල නිවසට ගිය සැකකරු සිය පියා, මව සහ නැගණිය කොළඹට කැඳවා ගෙනවිත් ඇත්තේ ද කුලී මෝටර් රථයකිනි.

පසුව පියා සතු මුදල් සොරා ගැනීමට සැලසුම් කළ සැකකාර පුත්‍රයා කොළඹ කුලී නිවසේදී ඔවුන් මරා දැමීමට කටයුතු කළේය. නින්ද යැමට පාවිච්චි කරන බෙහෙත් විශේෂයක්‌ අධික ලෙස මිශ්‍ර කර යෝගට්‌ සිය මවුපියන්ට සහ නැගණියට කෑමට දී ඔවුන් කුලී නිවසේ දමා සැකකරු ඉන් පලාගොස්‌ ඇත. පසුව කොටගල නිවසට ගිය සැකකරු පියා සඟවා ඇති මුදල් සොයා තිබේ. එහෙත් නිවසේ මුදල් තිබී නැත. ඉන් දැඩි සිත් තැවුලට පත්ව ඇති සැකකරු රටේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් පසුගිය දින කීපය ගතකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තම පුත්‍රයා අතින් ඝාතනයට ලක්‌ වූයේ කොටගල පදිංචි හැට හැවිරිදි කුමාරස්‌වාමි, පනස්‌ අට හැවිරිදි පූපති (මව) සහ විසිතුන් හැවිරිදි කුමාරස්‌වාමි අනතිප්‍රියා (නැගණිය) යන අයයි.
 
Related Posts with Thumbnails