Ads 468x60px

.

මම ඒ තීරණය ගත්තේ ආදරේ වැඩිකමට - මාලනී.

ඉල්ලා අස්වුණේ ආදරේ නිසයි...

තමන් පසුගියදා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට ඇති ආදරය නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මිය පවසනවා .

ඇත්තෙන්ම මේ රජය ගැනවත් මේ රජයේ වැඩපිළිවෙල ගැනවත් කලකිරීමකින් නෙමෙයි මම ඒ තීරණය ගත්තේ.

මම මේ රජයට කැමතියි. ආදරෙයි. නමුත් රජය යම්කිසි වෙලාවක අපහසුතාවයට පත්වෙන දෙයක් සිදුවෙනවා නම් එහිදී මට බලා ඉන්න අමාරුයි. ඒ හින්දයි මා එයට ඉදිරිපත් වී අස්වීමට තීරණය කලේ. 

එහෙම නැතිව රජයේ වැඩපිළිවෙල ගැන කිසිම අප‍්‍රසාදයකින් නෙමෙයි. මේ රජය කරන වැඩ කොටස වෙන කිසිම රජයකට කරන්න බැරි බව මා දන්නවා.’ යයිද ඇය පවසනවා.

 
පසුගියදා මන්ත‍්‍රී ධුරයන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන්නද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එය ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් ෆොන්සේකා මහත්මිය සිය මන්ත‍්‍රී ධුරයේ යලි දිවුරුම් දීමට නියමිතයි.
 
Related Posts with Thumbnails