Ads 468x60px

.

එඩ්නා සමාගමට විරුද්ධව පැමිණිලි කිරීමෙන් පසුව පැමිණිලිකරුට තෑගී පාර්සලයක්

"එඩ්නා චොක්ලට් නට් නිෂ්පාදිතය" තුල තිබී හමු වූ ගල්...

මෙයට පෙරත් මේ වගේ දේවල් තිබිල තියෙනවලු... 

පාරිභෝගික අධිකාරයේ පරිගණක අංශයේ ප්‍රධානියා විසින් මිලදී ගනු ලබු එඩ්නා චොක්ලට් එකක තිබී බ්ලේඩ් තල කැබැල්ලක් ගිලීමෙන් සිදුවූ අවාසනා වන්ත සිදුවීම පිළිබඳව පසු ගිය දින කීපයකම කතා බහක් ඇති වුනා..

මේ පිළිබඳව පාරිභෝගික අධිකරියට පැමිණිලි කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර එම සමාගමට පැමිණිලි කිරීමෙන් අනතුරුව එඩ්නා නිෂ්පාදන ඇතුලත් තෑගී පාර්සලයක් අදාළ පැමිණිලිකරු වෙත ලබාදීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

බොහෝ පිරිස් දන්වා සිටියේ එඩ්නා සමාගමේ නිෂ්පාදන තුලින් ඔවුන්ට මෙයට පෙරද මෙවන් අත්දැකීම් ලැබී තිබු බවයි. පහතින් දැක්වෙන්නේ මිලදී ගත් "එඩ්නා චොක්ලට් නට් නිෂ්පාදිතය" තුල තිබී ගල් හමුවූ ආකාරයයි.















මීට අමතරව මාස 3කට පමණ පෙර ගම්පහ ප්‍රදේශයේ වෙළඳසැලකින් ලබාගත් නිව්ඩේල් (ෆොන්ටෙරා) චොක්ලට් ෆ්ලේවර් කිරි පැකට් එකක් පානය කරමින් සිටියදී අඟලක් පමණ දිග පණුවෙකු හමුවී තිබෙනවා.

බීම බටයක් හරහා
තරුණියක් කිරි පැකට්ටුව පානය කරමින් සිටින විට තදින් යමක් මුව තුලට ඇදී යනු දැනී තිබෙන අතර එවිට දැක ඇත්තේ එහි සිටින්නේ පණුවෙකු බවය.

එම කිරි පැකට්ටුවෙ කාලය ඉකුත්වන දිනය ලෙස සඳහන් වී තිබී ඇත්තේ ජූලි 27 වනදාය. මෙම සිද්ධියට එම තරුණිය එයට මුහුණපා ඇත්තේ කල් ඉකුත්වීමට මසකට පෙර හෙවත් ජූනි 29 වනදාය.


පසුව ඇය එම පැකට්ටුව හා පණුවා වෙළඳසැලට බාරදී ඇති අතර වෙළඳසැල් හිමියා විසින් නැවත මුදල් ඇයට ලබාදී තිබෙනවා.

පසුව නිව්ඩේල් ආයතනයට පණුවා සමඟ එම කිරි පැකට්ටුව ලැබීමෙන් අනතුරුව ඔවුන් ඇයට කතා කර පවසා ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන බවත්, ලංකාව පුරා නිකුත් කර ඇත් එම ඛාණ්ඩයේ කිරි පැකට් එකතු කරනා බවත්ය.

කෙසේ වුවද නිව්ඩේල් ආයතනය විසින් එම තැනැ
ත්තියව සොයාගන ඇයට කතා කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නිව්ඩේල් කිරි නිෂ්පාදන ආයතනය නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් ලබාදිය හැකි බවයි.

පසුව ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඒ සඳහා වේලාවක් නොමැති බව පවසමිනි.

පනුවා සහිත කිරි පැකට්ටුවේ ජායාරූප කිහිපයක් පහතින්.








 
Related Posts with Thumbnails