Ads 468x60px

.

දෙමාපිය ආරවුලට මැදිවී මියගිය බිළිඳා රෙදිකඩක ඔතා කැලයට විසිකරලා

පියාගේ වයස අවුරුදු 19 කි.. මවට වයස අවුරුදු 18 කි...

පියා මවට පහර එල්ලකරන අතරේ. එම පහරවල් දරුවාටද වැදීලා...

සැමියා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක්‌ දුර දිග යැමෙන් පසු තම මාස 2 ක්‌ වයසැති කුඩා බිළිඳකුට පහරදී මරා දැමූ ඉතා ශෝචනීය පුවතක්‌ මීගලෑව පොලිස්‌ වසමෙන් වාර්තා වෙනවා.

මීගලෑව - වීරගොල්ල පදිංචි මෙම යුවළ අතර පසුගිය 20 වැනි දින රාත්‍රී 9 ට පමණ තම නිවසේදී ආරවුලක්‌ ඇති වී තිබෙනවා. මේ අවස්‌ථාවේදී මව කුඩා සිඟිත්තාට කිරි පොවමින් සිටි අතර සුළු වේලාවකින් දරුවා නින්දට ගොස්‌ තිබෙනවා. 

එම අවස්‌ථාවේදී ද මෙම යුවළ අතර ඇතිවූ ආරවුල හේතුවෙන් දරුවා නින්දෙන් ඇහැරී හැඩීමට පටන් ගෙන ඇති අතර එම හැඩීමත් සමඟ දරුවා මව විසින් වඩා ගත් අතර පියා මවට පහර කිහිපයක්‌ එල්ලකර තිබෙනවා. එම පහරවල් දරුවාටද වැදී තිබෙනවා. 

 
දරුවා මළානිකව සිටි අතර බිරිඳ විසින් තම සැමියාට පවසා ඇත්තේ දරුවාට අමාරු නිසා රෝහලට රැගෙන යමු යනුවෙනි. නමුත් සැමියා විසින් එය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

21 වැනි දින උදෑසන තම බිරිඳට ගමට යැමට උපදෙස්‌ දුන් මෙම සැමියා බිරිඳ ගිය පසු තම බිළිඳා රෙදි කඩක ඔතා අසල කැලයකට විසි කර ඇති බව හෙළි වී තිබෙනවා. 

26 දින යළි බිරිඳ නිවසට පැමිණ දරුවා නිවසේ නොමැති නිසා මීගලෑව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය අදාළ සැකකාර පියා සහ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ තොරතුරු මත විනාශ වී ගිය බිළිඳු මළ සිරුර ඊයේ (27 දා) සොයාගනු ලැබීය.

මව විසින් මෙම සිද්ධිය හෙළි නොකර සිටීමත් දරුවා ගමට යැමේදී රැගෙන නොයැමත් සැකයට තුඩු දුන් කරුණක්‌ විය. අවුරුදු 18 ක්‌ වන මවට දාව ලැබුණු පළමු දරුවා ඔහු විය. රසිඳු ගිම්හාන් නෙත්සර නම් වූ දරුවාට මාස 2 යි දින 2 ක්‌ ගත වී තිබුණි. පියාගේ වයස අවුරුදු 19 කි.
 
Related Posts with Thumbnails