Ads 468x60px

.

පලාගල විරෝධතාවකින් පැය 6 ක්‌ වාහන ගමන් නවතී

වල් අලි තර්ජනයට විසඳුම් ඕනෑ
කැකිරාව පලාගල තුන්මං හන්දිය අසල පැවැත්වූ විරෝධතාවයක්‌ හේතුවෙන් ගලේවෙල, නෑගම්පහ, කැකිරාව යන මාර්ගවල ගමනාගමනය පැය හයකට අධික කාලයක්‌ ඊයේ (20 දා) පෙරවරුවේ සිට ඇනහිට තිබිණි.

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මහා හෙට්‌ටියාව, කුඩා හෙට්‌ටියාව, මිරිතන්විටියව, පලාගල, කරවිපලගල, දික්‌කිරිය ආදී ගම්මාන 20 කට අධික සංඛ්‍යාවක ජීවත්වන ජනතාවගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන් අඩාල කරමින් මාස ගණනක්‌ තිස්‌සේ පවතින වල් අලි තර්ජනයට කඩිනම් පිළියම් ලබා දෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක්‌ පැවැත්විණි.

මාර්ගවල ටයර් පුළුස්‌සා දමමින්, රතිඤ්ඤා දල්වමින් මාර්ග බාධක යොදා දහසකට අධික පිරිසක්‌ විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරතවූහ. පසුගිය මාස කීපය තුළ වල් අලින්ගේ පහරකෑමෙන් පුද්ගල ජීවිත හතක්‌ නැතිවී ඇති බවත් නිවාස 25 කට වැඩි ප්‍රමාණයකට හානිකර වගාබිම් අක්‌කර දහස්‌ ගණනක්‌ විනාශ කර ඇති බවත් උද්ඝෝෂකයෝ පැවැසූහ.

වනජීවී අංශවල වගකිවයුතු නිලධාරියකු හෝ අමාත්‍යවරයා පැමිණ තම ගැටලුවට සාධාරණ විසඳුමක්‌ කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු වනතෙක්‌ විරෝධතාව අත් නොහරින බව ඔවුහු පැවැසූහ.
 
Related Posts with Thumbnails