Ads 468x60px

.

කතකට අසභ්‍ය එම්.එම්.එස්. යැවූ තරුණයා රිමාන්ඞ්

කාන්තාවක් හට අසභ්‍ය එම් එම් එස් පණිවුඩ යැවූ තරුණයෙක් අගෝස්තු 01 දක්වා රිමාන්ඞ් භාරයේ තබන මෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය වන ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (20) නියෝග කළාය.

කිසිවකු විසින් නිර්නාමිකව තමාගේ ජංගම දුරකතනයට අසභ්‍ය එම්.එම්.එස්. පණිවුඩ එවමින් ඇයට හිංසා පැමිණවූ බවට මෙම කාන්තාව කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත.

මේ හේතුවෙන් තමා ලිංගික හිංසනයට ලක්වූ බව කොළඔ 02 ප‍්‍රදේශයේ පදිංචිකාරියෙක් වන පැමිණිලිකාරිය වැඩිදුරටත් පවසා ඇත.
මෙම පණිවුඩ එවූ දුරකතන අංකය භාවිතා කරමින් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර, සැක පිට අත්අඩංගුවට පත් කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර ඇත.
 
 
Related Posts with Thumbnails