Ads 468x60px

.

ආසනික් ගැන නාථ දෙවියන්ටත් කලින් කිව්වේ ආදිවාසීන්

මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙන ආසනික් ගැටලුවට තවමත් විසදුමක් නැත.කැලණියේ සිදු කල පරීක්ෂණයක් කියා කැලණිය විශ්ව විද්‍යාලයේ නමට අපහාස නොකරන ලෙස එහි ආචාර්යවරුන් ඉල්ලා සිටියදී ආසනික් වලට විරුද්ධ පක්ෂ විසින් ආසනික් වලට පක්ෂව කටයුතු කරන පිරිසට විරුද්ධ සියලු දෙනාට සීනිගම

මේ අතර කුඩා කල සිට පරිසරයේ හැදී වැඩුන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ ප්‍රකාශ කරන්නේ වකුගඩු විනාශයට හේතුව කෘමිනාශක බව මුලින්ම ප්‍රකාශ කලේ ඔහු බවයි.

එය ඔහුගේම වචනවලින් මෙසේය.
"මේ ඇත්තෝ කුරු කුරු ගච්චන රුකුල් පොජ්ජට මන්ගච්චලා ඉගැන්නුම් පොජ්ජ මන්දකරගෙන කොදොයි.ආසනික් විෂ ගැනම පරීක්ෂණ පොජ්ජ මන්ද කරලොත් කොදොයි.ඒ තැනෙ නම් පොජ්ජ මිට ඉච්චරින් ඇහුම් පොජ්ජ මන්දකොරලත් කොදොයි.


කැකුලා කාලෙ මැච්චේ ඉඳ තිබාලා අප්පිලැත්තොත් එක්ක කැලා පොජ්ජේ මන්ගච්චලා එතන රන්දලා ලාබච්චපු අත්දැකීම් පොජ්ජ මාව කච්චායි.අප්පිලැත්තො දඩයම් පොජ්ජ මන්දෝ කරගන්න කැලෑ පොජ්ජට මන්ගච්චපුවම ගල්පොත්තේ,රුකුන් පොජ්ජේ එකතු තැන මන්දෝ වුන දියරුච්ච්ල කවිල්ලුවා.ඒ ඇත්තෝ කෙරෙන පොජ්ජ එකසිය දහයකටත් වැඩි තැනක් රදාලයි වියඹට දැම්මෝ.

මේ ඇත්තන්ගේ නැති කෝන පොජ්ජ පනස් පහමටත් ඉස්සරින්  වකුගඩු පොජ්ජ දෙකේම විනාශ තැන මන්දෝ වුනා.ඒ වෙලා පොජ්ජේ මේ ඇත්තෝ මුළු රට පොජ්ජටම පත්තර පොජ්ජෙන් කතා දැම්ම පොල් පොජ්ජ,පොහොර පොජ්ජ බිම් පොජ්ජට එකතු තැන මන්දෝ වෙලා දියරුච්චට එකතුවෙලා මේ තැනෙ විනාශ පොජ්ජ මන්ද වුනේ කියලා.


අද දවසේ පොජ්ජේ කැලණිය කුරුකුරු ගච්චන මහගුරුකුල් පොජ්ජේ මහහුරලා පරීක්ෂණ පොජ්ජ මන්දෝ කරපු එක ගැන මේ ඇත්තෝ සතුටු පොජ්ජ මන්දෝ කරනවා.ඒ මහා හුරලගේ කතා මේ ඇත්තෝ විශ්වාස තැන මන්දෝ කරනවා.

ඒ තැනක් බොරු තැනක් කියලා තව එකමෙක් කතා දමනවා නම් තව කෝන පොජ්ජ පහ හයක් මන්ගච්චනකොට මේ හැම පොජ්ජේ හැම එකටම වියඹට දමයි."

පරිවර්තනය මෙසේය 


මම විශ්වවිද්‍යාලයේ ගිහින් ඉගෙන ගෙන නැහැ.ආසනික් ගැන මිට කලින් අහල තිබුනෙත්, විෂ ද්‍රව්‍යය ගැන පරිෂණ කරලත් නැහැ.පුංචි කාලේ ඉඳල කාලෙ ඉඳලා තාත්ත එක්ක ඇවිදලා ගත්ත අත්දැකීම් තියෙන්නේ.


තාත්ත දඩයමේ ගියාම ගස්බෙනවල වතුර බිව්වා,වැව් මාළු කෑවා.එත් අවුරුදු 110 වැඩි කාලයක් ජිවත් වුනා.

මගේ බිරිඳගේ වකුගඩු දෙකම විනාශ වුනේ අවුරුදු 55 වෙන්නත් කලින්.ඒ වෙලාවේ මම පත්තරවලින් මුළු රටටම කිව්වා කෘමිනාශක සහ අධික පොහාර යෙදීම නිසා ඒවා පසට මිශ්‍ර වී උල්පත් ජලය හරහා පානිය ජලයට විෂ එකතුවෙනවා කියලා.

එත් කව්රුවත් ඇහුවේ නැහැ.අද කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු වගයක් විසින් සිදු කල ආසනික් ගැන හෙළිදරව්ව ගැන මම සතුටු වෙනවා.

එත් කව්රුහරි එකත් බොරුයි කියල කියනවනම් තව අවුරුදු පහ හයක් යනකොට මුළු රටේම ය මැරිලා යයි.
දේවාලයේදී පොල් ගැසීමට සුදානම් වෙයි.
 
Related Posts with Thumbnails