Ads 468x60px

.

පිරිමි දරුවෙකුට අතවර කළ මහල්ලා දැලේ

එකොළොස් හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් කළ බවට සැකපිට 59 හැවිරිදි අයෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්ප්පුව වයිකාල ප‍්‍රදේශයේ උළු කර්මාන්ත ශාලවකට අයත් ඉඩමක නිවසක පදිංචිව සිටි සිසුවෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.

අදාළ සිසුවා සිවුවැනි වසරේ අධ්‍යාපනය ලබන බවද පැවසේ.

සිසුවා රබර් බෝලයකින් සිය ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී එම බෝලය සැකකරුගේ ගෙවත්තට විසිවී ඇති අතර, පසුව දරුවා එම බෝලය ගැනීමට සැකකරුගේ ගෙවත්තට ගිය අවස්ථාවේදී මේ අතවරයට ලක්ව තිබේ.

සැකකරු දරුවා සිය නිවසේ කාමරයකට බලහත්කාරයෙන් ගෙන ගොස් මෙම ලිංගික අතවරය කර ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
 
Related Posts with Thumbnails