Ads 468x60px

.

තෙල්දෙණියේ කතුන් බියගැන්වූ තිදෙනෙක් අත්අඩංගුවට

තෙල්දෙණිය ප්‍රදේශයේ ගම්මාන රැසක කාන්තාවන් බියගන්වමින් සැරි සැරූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල්දෙණිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ඊයේ(22) සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රාත්‍රී කාලයේ දී කාන්තාවන් බිය ගැන්වීම හේතුවෙන් මැද දුම්බර, උඩුදුම්බර, හසලක ඇතුළු ප්‍රදේශ රැසක ගම්වැසියන් භීතියෙන් පසුවිය.

සැකකරුවන් මෙම උපක්‍රමය භාවිත කරමින් ගවයින් සොරක‍මේ යෙදී ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් දිගන සහ උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails