Ads 468x60px

.

මිතුරෝ ගුටි ඇන ගෙන එක්‌ අයකුගේ රහස්‌ ප්‍රදේශයට බරපතල තුවාල

බමන මතින් සිටි ගජ මිතුරන් තිදෙනකු අතර සිදුවූ ගුටිබැට හුවමාරුවකින් එක්‌ අයකුගේ ලිංගේන්ද්‍රියට බරපතල තුවාල සිදුවී හොරණ රෝහලට ඇතුළත් කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මිතුරන් තිදෙනාගෙන් අයෙකුගේ උපන් දිනය වෙනුවෙන් ගෝනපොල ඔලබොඩුව කන්දේ ගල් මෝලක්‌ හිමි ව්‍යාපාරිකයකු ලබාදුන් මත්පැන් බෝතල් දෙක පානය කර ඇති මොවුන් තිදෙනා අතර සිදුවූ වචන හුවමාරුව ගුටිබැට හුවමාරුව දක්‌වා දුරදිග ගොස්‌ එක්‌ අයෙක්‌ මෙසේ තුවාල ලැබීය.

බරපතල තුවාල ලබා ඇති පුද්ගලයා ගෝනපොල ඔලබොඩුව කන්දේ පදිංචි 27 හැවිරිදි අයෙකි. ඔහුට සැත්කමක්‌ කිරීමට නියමිතව තිබිණි. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි අයෙකි.

සැකකරු ඊයේ (21 දා) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පානදුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. එම්. ධර්මසේන, සහකාර පොලිස්‌ අධිකාරි සමන් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මොරගහහේන පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පයාගල - සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. ඩී. ධර්මසේන පොලිස්‌ සැරයන් 26927 හරිස්‌චන්ද්‍ර 20553 මෙන්ඩිස්‌ යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails