Ads 468x60px

.

පොලිස්‌ උපාය දූතයා ගණිකාවගෙන් බේරෙන්ට නොනාම නාන කාමරයේ ඉඳලා

උපාය දූතයා වශයෙන් ගණිකා නිවාසයට ගිය පොලිස්‌ නිලධාරියාට, සිය වැටලීම් කණ්‌ඩායම එනතුරු ගණිකාවකගෙන් බේරීමට මං නාගෙන එන්නම් කියා නාන කාමරයට වී සිටීමට සිදුවූ පුවතක්‌ අසන්නට ලැබිණි.

ව්‍යාපාරික තරුණයකු ලෙස රඟපාමින් ගණිකා මඩමට ගොඩවිය. මට ලස්‌සන ගෑණු ළමයෙක්‌ දෙන්න ඔහු කීය.

අවුරුදු 28 රුවැති කාන්තාවක්‌ සිටින කාමරයක්‌ ඔහුට වෙන් කළේය. ඔහු කාමරයට පිවිසෙන අතරතුර පොලිස්‌ කණ්‌ඩායමට වැටලීම සාර්ථක බව අඟවා පණිවිඩයක්‌ දුන්නේය.

පොලිස්‌ කණ්‌ඩායම වැටලීමට ඒම ප්‍රමාද වීම නිසාත් ගණිකාවට ඉක්‌මනින් ඔහු සතුටු කිරීමට අවශ්‍ය නිසාත් ගැටලු කීපයක්‌ මතු විය.

ගණිකාව සමඟ වචන කීපයක්‌ කතා කළ උපාය දූත පොලිස්‌ නිලධාරියා මං නාගෙන එන්නම් ඔහොම ඉන්න යෑයි කියා නාන කාමරයට රිංගා වතුර කරාමය කරකවා මුල්ලකට වී සිටියේය.

පොලිසිය පැමිණිවිට ඔහු නාන කාමරයෙන් එළියට පැමිණි අතර ඔහුට ලබා දුන් ගණිකාවගේ වයස අවුරුදු 28 ක්‌ නොව 38 ක්‌ බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.
 
Related Posts with Thumbnails