Ads 468x60px

.

සුදු සහල් රතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක්

වෙළඳපලේ පවතින සුදු සහල්වලට පිළිකා ඇති කිරීමේ වැඩි අවදානමක් පවතින ‘කාසිනෝජන්’ අඩංගු වර්ණකය භාවිතා කර රතු පාට ගන්වා අලවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලිවලින් හෙලිකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ආහාර රසායනාගාරවල සිදුකළ පරීක්ෂණවලදී මේ බව හෙලිවී ඇත.
මේ අනුව දිවයින පුරා ආහාර අලවිසැල් වැටලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂකවරුන්ට බලය පැවරීමේ චක්‍රලේඛනයක් වහාම නිකුත් කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාට උපදෙස් දී තිබේ.

දියවැඩියාව රෝගය පාලනය කිරීම සඳහා රතු කැකුළු සහල්වල විටමින් හා තන්තු වර්ග අඩංගු බැවින් වෛද්‍යවරුන් පවා එය නි‍ර්දේශ කරති.
මේ ආකාරයෙන් ස්වභාවික ආහාර වෙනස්කර කෘතීම වර්ණක යොදා ගැනීම පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
Related Posts with Thumbnails