Ads 468x60px

.

සොරබොර ජනපදය බයකළ භූතයෝ අත්අඩංගුවට පත්වෙති

මහියංගණ සොරබොර ජනපදය භීතියට පත්කළ භූතයන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ඉලංගකෝන් මහතා පැවැසීය.

සති කිහිපයක්‌ තිස්‌සේ කාන්තාවන්ට කරදර කරමින් මහජනතාව භීතියට පත් කරමින් පොලිසිය අපහසුතාවට පත්කරමින් සිටි මෙම භූතයින් 04 දෙනාම සොරබොර ජනපදයේම පදිංචිකරුවන් වන අතර වයස 47-32, 24-22 යන වයස්‌වල පසුවෙන බවත් මහජනතාව කෝපයට පත් නොවී පොලිසියට සහාය දැක්‌වීම නිසා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැවසීය. බදුල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ගනේගම, සහකාර පොලිස්‌ අධිකාරි සේනසිංහ යන මහත්වරු පොලිස්‌ කණ්‌ඩායම් සමග මහියංගණයට පැමිණ පසුගිය දිනවල සාමය ආරක්‍ෂා කිරීමට පියවර ගත් බව පැවසීය.

මහියංගණ මහෙස්‌ත්‍රාත් රුවන්ධිකා මාරපන මහත්මිය වෙත මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් පසු බදුල්ල රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
 
Related Posts with Thumbnails