Ads 468x60px

.

මර්වින්ගේ අමල් පැහැරගත්තේ ලක්ෂ 75 ක කප්පමක් නිසාලු

මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකමිවරයෙකුව සිටි අමල් සිල්වා සුදුවෑන් එකකින් පැහැර ගෙන ගොස් දින 10 කට පසුව නිදහස් කරනු ලැබූ අතර ඔහු මර්වින් සිල්වාට භියෙන් සිංගප්පූරුවට පැන ගොස් දිවි ගෙවීය. ඔහු එඹෙන සතියේ සදුදා යළිත් ලංකාවට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටී. ඔහු පිටරටකට පලා ගියේ මර්වින් සිල්වා පිළිබදව තමාව පැහැර ගත් කණ්ඩායමට තොරතුරු ලබා දුන් බැවින් මර්වින්ගෙන් එල්ලවිය හැකි තර්ජනයට  බයටය.
එයට හේතුව වූයේ මර්වින් සිල්වා මහතාගේ කීමට මෙරට ප‍්‍රධාන තේ අපනයන සමාගමක් වූ අක්බාර් බ‍්‍රදර්ස් සමාගමෙන් රු. ලක්ෂ 75 ක කප්පමක් ලබා ගැනීමය. එමනිසා එම සමාගම තේ අපනයෙන් ඉවත් වීමෙන් විශාල අර්බුධයක් තේ කර්මාන්තය තුල හටගත්තේය. මේ සමඟ තම පවුල නොදැන සිදු වූ මෙම කප්පම් ගැනීම හෙළි කර ගැනීමට අමල් රුද්‍රිගෝව පැහැර ගෙන ගොස් තොරතුරු ලබා ගත්හ.


ඔහු මෙහිදී සියල්ල හෙළි කර තිබුණී. මර්වින් සිල්වා විසින් පවත්වාගෙන යනු ලබන ඔහුගේ දේවාලය දියුණු කිරීමට යයි පවසමින් තමන් අක්බාර් සමාගමෙන් කප්පම් ලෙස ලබා ගත් රු. ලක්ෂ 75 ක මුදලක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට ලබා දුන් බවත් , එයින් ලක්ෂ 25 ක මුදලක්  විෂ්ණු දේවාලයට අමාත්‍යවරයා ලබා දුන් බවත් ඔහුගේ පාපොචිචාරණයෙන් කියා තිබුණේය. මේ සියල්ල දැන ගත් මර්වින් සිල්වා අමාත්‍යවරයා අමල් රුද්‍රිගෝව මරා දැමීමට අර ඇදීමත් සමඟ ඔහු විදේශ ගත විය.දැන් ඔහු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව කැළණිය ප‍්‍රදේශයේ සහ මන්තී‍්‍රවරුන්ගෙන් කැරැල්ලක් පටන් ගැනීමත් සමඟම අමල් රැද්‍රිගෝ ඔවුන්ට සහය පල කිරීම සදහා  ලංකාවට පැමිණිමට තිරනය කර ඇත.
 
Related Posts with Thumbnails