Ads 468x60px

.

නාට්‍යයෙන් ජනපතිට අපහාස කලැයි විදුහල්පති එලවයි

ලබුදූව සිරිධම්ම ජාතික පාසලේ පසුගියදා පැවැති විවිධ ප‍්‍රසංගයකදී,  එහි සිසුන් ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ නාට්‍ය දර්ශනයක් රඟ දැක්වීමේ සිද්ධියක් හේතු කර ගනිමින් එම පාසලේ විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.


අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම සේවා අත්හිටුවීම පිළිබඳ ලිඛිතව අදාළ විදුහල්පතිවරයා වෙත දැනුම් දී තිබේ.විද්‍යාලයේදී ප‍්‍රදර්ශනය කරන ලද නාට්‍ය දර්ශනය ඇතුළත් සංයුක්ත තැටියක් ජනාධිපතිවරයාට හා අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරිමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණයකින් පසුව මෙලෙස විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීම සිදුකර ඇත.

මේ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා ගෙන් කල විමසීමදී ඔහු සඳහන් කළේ,  මෙය කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව සිදුකර ඇති කි‍්‍රයාවක් විය හැකි බවයි.
නාට්‍ය පිටපත පුහුණු වීම්වලදී එවැනි දර්ශනයක් ඇතුළත්ව නොතිබූ බවත් නාට්‍ය ප‍්‍රදර්ශනය කිරිමේදී එම දර්ශනය දැක විදුහලේ විදුහල්පතිවරයා වහාම නාට්‍ය දර්ශනය නතර කරපිළිබඳව පොලිසියට දැනුම් දී ඇති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
Related Posts with Thumbnails