Ads 468x60px

.

මර්වින්ගේ තුන්වෙනි කොන්දේසිය සැමටම ප‍්‍රීතියක් - මුන්නේෂ්වරම් පූජක

හලාවත මුන්නේස්වරම් දේවාලයේ ප‍්‍රධාන පූජක තැන විසින් පෙරේදා (11) ලංකාවේ මාධ්‍යයන්ට ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘‘මර්වින් සහ ඔහුගේ ගෝලයින්  ටීවී කැමරා හමුවේ වීරයන් වෙමින් දේවාලයේ පුදපිලිවෙත්වලට බාධාකරමින් ක‍්‍රියාකිරීම නිසා කාලිඅම්මාගේ දේව ශාපය වැදී ඔවුන් එකිනෙකා මේ වනවිට ඇණකොටා ගන්නා බවත් ඔවුන්ගේ අවසානය කෙසේ වේදැයි කිව නොහැකි බවත්ය’’.


මීට පිලිතුරු දෙමින් මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා අද (13) මාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමන් ‘‘බුදුන් වැඩිය මෙම දේශය අහිංසක සතුන්ගේ ලේවලින් සොදාහැරීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඒ වෙනුවෙන් ලේ අවශ්‍ය නම් ලේදීමටත්, ශරීරි අවශ්‍යනම් ශරීරය දීමටත්, මරණය අවශ්‍යනම් තම ජීවිතය දීමටත් සුදානම් බවයි’’.

මේ පිළිබදව කරුණු පැහැදිලි කළ හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ උපප‍්‍රධාන පූජකවරයෙකු කියා සිටියේ ශ‍්‍රී ලංකා ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන් මර්වින් තම තුන්වෙනි කොන්දේසිය සපුරාලන්නේනම් එය සැමටම ප‍්‍රීතියට කරුණක් බවයි.

මර්වින් සිල්වා සිදුකලේ මෙම බිලිපූජාව සඳහා ගෙනා ආ එළුවන් නිදහස් කරගැනීම නොව එය දේවාලයෙන් පැහැරගෙන ලංගම බස්එකක දමා කොළඹ ගෙනඒමයි. එය සිදුකලේ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර සහ අනෙක් සහචරයින්ය. එලූවන්ගේ කාලය හොදබැවින්දෝ උන්ට කඩවතදී බසයෙන් පැනගැනීමට හැකිවිය. මේ බව අප මීට ඉහතදී වාර්තා කළෙමු.මර්වින් සහ ප‍්‍රසන්න අතර පළමු නොහොද නෝක්කාඩුව සිදුවූයේ එම දිනයේදීම කඩවත ප‍්‍රදේශයේදීය.
 
Related Posts with Thumbnails