Ads 468x60px

.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගෙන් හෙළිදරව්වක්

කඩවත සිට කිරුළපන දක්වා කොළඹ කොටුවේ සිට කොට්ටාව දක්වා සහ කොළඹ කොටුවේ සිට පෑලියගොඩ දක්වා කණුමත ඉදිකිරීමට යන අධිවේගී මාර්ග ඉදිවීමට නියමිත ප්‍රදේශ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදහස් දක්වයි.



මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්. ආර්. පේමසිරි පැවසුවේ මෙම මාර්ග ඉදිකිරීම සම්බන්ධ ශඛ්‍යතා අධ්‍යනය ළඟදීම ආරම්භ කිරීමට සූදානම් බවත් එය මාස හයකින් පමණ අවසන් කිරීමට නියමිත බවයි.

“මෙම මාර්ග ඉදිකිරීම පිළිබඳව සවිස්තර අදහසක් ගන්න වෙන්නෙ මම ශඛ්‍යතා අධ්‍යනයෙන් පසුවයි. කොහොම වුණත් මට පෙනෙන විදිහට කොටුවේ සිට කොට්ටාවට ගොඩනැගීමට නියමිත අධිවේගී මාර්ගය හයිලෙවල් පාර උඩිනුත්, කිරුළපන සිට කඩවත දක්වා ඉදිකිරීමට නියමිත මාර්ගය බේස් ලයින් මාර්ගය උඩිනුත් ඉදිකිරීමට බොහෝ දුරට පුළුවන්.“ 

“මෙම ශඛ්‍යතා අධ්‍යනයෙන් පසුව මුදල් සම්පාදනය කර ගන්නා ආකාරය අනුව මෙම මාර්ග ගොඩ නැගීම කරන්න පුළුවන්. බොහෝ දුරට ඉදිරි වසර පහ ඇතුළත මෙම මාර්ග ගොඩනැගීම සිදුවේවි.“ 
යනුවෙන් පේමසිරි මහතා සඳහන් කළේය.

මෙම මාර්ග තුන දැනට ඉදිවෙමින් තිබෙන අධිවේගී මාර්ග වලට සම්බන්ධ වනසේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සම්බන්ධ ශඛ්‍යතා අධ්‍යනය සිදුකිරීම, ආකෘතික දළ සැකසීම සහ උපදේශන සේවා ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයන ආධාර මත ප්‍රංශයේ Egis Bceom International සමාගම වෙත පැවරීමට රජය තීරණය කර තිබේ.

මෙහි පළමු මාර්ගය වන කිරුළපන සිට කඩවත දක්වා මාර්ගය ආසන්න වශයෙන් කිලෝ මීටර් 19 ක් පමණ වන අතර කොළඹ පිටත වටරවුම් මාර්ගය කඩවතදී හා කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩදී සම්බන්ධ වන ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත.කොළඹ කොටුවේ සිට කොට්ටාව දක්වා ඉදිකිරීමට යන මාර්ගය ආසන්න වශයෙන් කිලෝ මීටර් 21 ක් පමණ වන අතර මෙය දක්ෂිණ අධිවේගී මාර්ගයට හා පිටත වටරවුම් මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වේ.
 
Related Posts with Thumbnails