Ads 468x60px

.

සතුන් ඉඩම් වලට එන හින්දා අධිවේගයට ගල් ගැහුවලු

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ රාත්‍රි කාලයේ ධාවනය වන වාහන වලට ගල් ප්‍රහාර එල්ල කරමින් වාහන රැසකට අලාභ හානි සිදුකළ පුද්ගලයන් දොළොස්‌ දෙනකු අධිවේගී මාර්ගයේ ආරක්‍ෂක අංශය මගින් ඊයේ (13 වැනිදා) රාත්‍රි සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.


මොවුන් ගැලනිගම, කුරුඳුගහහැතැප්ම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව එම ආරක්‍ෂක අංශයේ උසස්‌ නිලධාරියකු පැවැසීය. බද්දේගම තල්ගස්‌යාය ප්‍රදේශයේදී පසුගිය දිනවල රාත්‍රි කාලයේදී දක්‌ෂිණ අධිවේගයේ ගමන් කරන වාහනවලට ගල් ප්‍රහාර එල්ල කළ බවට මෙම පිරිසට චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිසගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ අධිවේගී මාර්ගයේ රාත්‍රි කාලයේ වාහන ගමන් කරනවිට කැලෑ සතුන් තම ඉඩම්වලට පැමිණෙන බවත් ඔවුන් පලවා හැරීමට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බවත්ය.



කෝපයට පත් ජනතාවගෙන් අධිවේගයට දිගින් දිගටම ගල් ප්‍රහාර

 
Related Posts with Thumbnails