Ads 468x60px

.

ඒක බරපතළ සිපගැනීමක් වුනා - ජැකලින්

අපේ රටේ උපන් ජැකලින් ෆර්නැන්ඩස් දැන් අල්ලපු රටේ පෙරළිකාර චරිතයක් බවට පත්වෙලා. මේ වනවිට ඉන්දීය මාධ්‍යයන්ට පුවත් මවන්නියක බවට පත්වූ ඇය ගැන කතාකරන්නේ ලංකාවේ හෝ ඉන්දියාවේ අය විතරක් නොවෙයි. මුළු ලොව පුරා සිටින බොලිවුඩ් සිනමා රසික රසිකාවියන් සියලු දෙනාම ඇය ගැන කතාකරනවා.


මීට මාස කිහිපයකට කලින් ජැකලින් ‘මර්ඩර් –2’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණදුන්නා. ඒ රංගනය නිසා ඇය බොලිවුඩ් සිනමාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ අයුරු ඔබට මතක ඇති. ඒ, ඇය එම චිත්‍රපටයේ අඩනිරුවත් ජවනිකා කිහිපයක රඟපෑ නිසයි. දැන් මේ රුවැත්තිය තවත් එවැනිම පෙරළිකාර රංගනයකට කැමැත්ත දීලා. මේ රංගනය ඇතුළත් වන්නේ ‘රේස් -2’ චිත්‍රපටයේ. මීට කලින් ’රේස්’ නමින් චිත්‍රපටයක් තිරගත වුණා.දැන් නිෂ්පාදනය කරන්නට සූදානම් වන්නේ එහි දෙවැනි කොටසයි. මුල් චිත්‍රපටයේ ජැකලින් රඟපෑවේ නැහැ. ඒ වුණත් ‘රේස් -2’ චිත්‍රපටයේ රංගනයට ජැකලින් එක්වුණේ එහි අධ්‍යක්ෂ සජිද් ඛාන්ගේ ඇරයුමෙන්.

චිත්‍රපටයේ තිරනාටකය ජැකලින්ට ලබාදුන් අධ්‍යක්ෂවරයා එහි ඇතුළත් වන සිපගැනීමේ දර්ශනයක් ගැන විස්තරයක් කළා. ඔහු පැවැසූ කරුණු අනුව එය සුළුවෙන් සලකන්නට නොහැකි ජවනිකාවක් බව ජැකලින්ට වැටහුණා. එය ‘බරපතළ සිපගැනීමක්’ බව ඇයට තේරුම් ගන්නට අපහසු වුණේ නැහැ. ජැකලින්ට නියමිතව තිබුණේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සමඟ එම දර්ශනය නිරූපණය කරන්නයි. ‘රේස් -2’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා, ජෝන් ඒබ්‍රහම්. ඔහු සමඟ එම දර්ශනය නිරූපණය කරන්නට කැමැති බව ජැකලින්, අධ්‍යක්ෂ සජිද්ට පැවසුවා.

”අබ්බාස් සහ මස්තාන් නිෂ්පාදනය කරන මේ චිත්‍රපටයේ ඔය කියන දර්ශනය ළඟදීම රූපගත වේවි. ජැකලින් ගේ මේ තීරණය හුඟදෙනකුගේ පුදුමයට හේතු වෙලා. මොකද එයා මීට කලින් මේ වගේ ජවනිකාවක් නිරූපණය කරන්න බැහැයි කියපු නිසා.” කරුණු දන්නා අයකු ප්‍රකාශ කළේ ‘ක්‍රිෂ් -3’ චිත්‍රපටය රූපගත කරන්නට කලින් සිදුවූ සිද්ධියක් නිසයි. ‘ක්‍රිෂ් -3’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රිතික් රෝෂන්. මෙහි තිරනාටකයේ ද නියමිතව තිබුණේ රිතික් සහ තවත් නිළියක විසින් නිරූපණය කළ යුතු හාදු දීමේ දර්ශනයක්. මේ සඳහා තෝරාගෙන සිටියේ ජැකලින්. නමුත් ඇය මේ දර්ශනය රිතික් සමඟ රඟපෑම එකහෙළාම ප්‍රතික්ෂේප කර සිටියා. මේ හේතුවෙන් ජැකලින්ට සිදුවුණේ ‘ක්‍රිෂ් -3’ චිත්‍රපටයෙන් ඉවත් වෙන්නටයි.

රිතික් සමඟ එවැනි දර්ශනයක් රඟපෑම ප්‍රතික්ෂේප කළ ජැකලින්, ‘රේස් - 2’ චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් සමඟ සිපගැනීමේ දර්ශනයක් නිරූපණය කරන්න කැමැත්ත දුන්නේ ඇයි දැයි දැන් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. සමහරු පවසන්නේ ‘රේස් -2’ අධ්‍යක්ෂණය කරන සජිද් ඛාන්, ජැකලින් සමඟ දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන නිසා ඇය, ජෝන් සමඟ රඟපාන්නට කැමැති වී ඇති බවයි. (ජැකලින් සහ සජිද් සම්බන්ධ කරගනිමින් නොයෙකුත් ආරංචි පසුගිය කාලය පුරා පැතිරී ගිය අයුරු කිසිවෙකුටවත් රහසක් නොවෙයි.)

කොහොම වෙතත්, මෙවැනි උණුසුම් දර්ශනයක් ‘රේස් -2’ චිත්‍රපටයේ නිරූපණය කරන්න යන්නේ ජැකලින් සහ ජෝන් විතරක් නොවෙයි. දීපිකා පදුකෝන් සහ සායිෆ් අලිඛාන් ද මෙවැනි රංගනයක් නිරූපණය කරනවාලු. ඒ දර්ශනයත් ළඟදීම රූපගත වේවිලු.
 
Related Posts with Thumbnails