Ads 468x60px

.

කලාකරුවන්ටත් හොඳ කලක් යන ලකුණු

කලාකරුවන් වෙනුවෙන් නිවාස 500 කින් සමන්විත නිවාස ගම්මානයක් ඉදිකිරීමට නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව නැංවීමට තීරණය කෙරේ.මෙම නිවාස ගම්මානය ඉදිකිරීම සදහා හොරණ ප‍්‍රදේශයේ අක්කර 7 ක ඉඩමක් දැනටමත් තෝරාගෙන ඇත.


ඒ අනුව කලාකරුවන් වෙනුවෙන් ඉදිකරෙනෙ නිවාස ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.මෙම කරුණු අනාවරණය වූයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවති විශේෂ සාකච්ඡවකදීය. එය පැවැත්වුණේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේදීය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන අනුව ක‍්‍රියාත්මක වන ජනසෙවණ නිවාස දස ලක්ෂය නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මේ රටේ සෑම ක්ෂේත‍්‍රයක්ම නියෝජනය කරන නිවාස නොමැති පවුල්වලට නිවාස ලබාදීමේ වැඩසටහන මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී.මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ එම වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක වේ.
 
 
 
Related Posts with Thumbnails