Ads 468x60px

.

සනත් දාන සූත්තරෙන් අධ්‍යක්‍ෂවරු අමාරුවේ

ප‍්‍රවීන රංගනවේදී සනත් ගුණතිලක චිත‍්‍රපටවල පුංචි චරිත (පොඩි කෑලි) සඳහා පන පෙවීමට අමුතු සූත්තරයක් භාවිතාකරන බව වාර්තා වේ. සනත්ට සිය හිතවතෙකු චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට යන බවක් කණවැකුණු සැනින් ඔහු අදාළ අධ්‍යක්‍ෂවරයාට ලවා එම චිත‍්‍රපටයේ පිටපත ගෙන්වා ගන්නා බව ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසකි.


එසේ ගෙන්වාගන්නා පිටපත සනත් එක හුස්මට කියවා අවසන් කරන බවද පැවසේ.ඉන් පසුව අදාල අධ්‍යක්‍ෂවරයා අමතන සනත්, එම අධ්‍යක්‍ෂවරයා තමාට ලබාදුන් පිටපතේ තමාට ගැලපෙන පුංචි චරිතයක් තිබුණ බව පවසන බවද වාර්තා වේ.එලෙස පිටපත බලා සනත් කියන චරිතය අකමැත්තෙන් හෝ සනත්ට දීමට අධ්‍යක්‍ෂවරුන්ට සිදුවන බවද පැවසේ.

කෙසේවුවද සනත් පුංචි චරිත සඳහා පණ පොවන්නේ මන්දැයි හදිස්සියේදී හෝ කිසිවෙකු ඔහුගෙන් ප‍්‍රශ්න කළ හොත් ඔහු කියන්නේ අදාළ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරු තමන්ගේ හිතවතුන් බැවින් ඔවුන්ලේ ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසා එම චරිත භාරගත් බව යැයිද වාර්තා වේ.
 
Related Posts with Thumbnails