Ads 468x60px

.

හරේන්‍ද්‍ර ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස් හේතුව මෙන්න

ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වූ හරේන්‍ද්‍ර ජයලාල් එම ධූරයෙන් ඉවත් වී ඇත්තේ එම ආයතනයේ ප‍්‍රධානියාගෙන් එල්ල වූ පීඩනයත්, එහි ප‍්‍රධාන විධායකයාගේ නොසැලකිල්ලත් යන කාරණා හේතුවෙන් බව වාර්තා වේ.


ඉකුත් සෙනසුරාදා (14) ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා රහස් රැස්වීමක් කැඳවා හරේන්‍ද්‍රට දැනුම්දී ඇත්තේ නාලිකාවේ ප‍්‍රවෘත්ති පලවිය යුත්තේ තමාට අවශ්‍ය ඒවා පමණක් බවත්, වර්තමානයේ එම අංශයේ වගකිවයුතු ප‍්‍රධානියාවන ජීවක එදිරිසිංහට අවශ්‍ය දේවල් නොවන බවත්ය.

මෙම ප‍්‍රකාශයත් සමඟ තමා අදාල පුටුවට ඔසවා තැබූ හිටපු ස්වර්ණවාහිනී ප‍්‍රධානියාවන ජීවක මහතා නොසලකා වත්මන් ප‍්‍රධානියාගේ පදේට නැටීමට හරේන්‍ද්‍ර අකමැතිවීම හේතුවෙන් ඔහු ස්වර්ණවාහිනියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම පසුගිය මාස තුනක පමණ කාලයේ සිට ප‍්‍රවෘත්ති අංශයට අවශ්‍ය කාර්යාලයීය උපකරණ එම ආයතනයේ වත්මන් ප‍්‍රධාන විධායකයා විසින් නඩත්තු නොකිරීම හේතුවෙන් එහි ඇතැම් සේවකයන් ඒ-4 කඩදාසි පවා ගෙදරින් ගෙනවිත් ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශය බිඳවැටීමට නොදී පවත්වාගෙන ගිය බවද පැවසේ.

එම අංශයේ ප‍්‍රධානියා ලෙස හරේන්‍ද්‍රට මෙම ගැටලූ විසඳා ගැනීමට නොහැකිවීමද ඔහු ස්වර්ණවාහිනිය අත්හැරීමට හේතුවී ඇතැයි ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.හරේන්‍ද්‍ර හොඳම ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්නා ලෙස සම්මානයට ද පාත‍්‍රවූ අයෙකි.එසේම ඔහුගේ පෝ දින සාකච්ඡා ඇතුළු වැඩසටහන් රාශියක්ම ස්වර්ණවාහිනිය රූපවාහිනී ශ්‍රේණිගත කිරීම්වල ඔසවා තැබීමට හේතුවූ බව පැවසේ.

මේ අතර, ස්වර්ණවාහිනියේ තවත් වැඩසටහන් නිෂ්පාදකයන් 6 දෙනෙකු ඉන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.වත්මන් ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා අදාල තනතුර භාරගැනීමෙන් පසුව එහි සේවය කළ 23 දෙනකු මේ වනවිට ඉල්ලා අස්වී තිබේ.මේ අතරට උදාර විජේසිංහ, ලහිරු මුදලිගේ හා ආශා ලියනගේ යන ස්වර්ණවාහිනියේ ජනපි‍්‍රයත්වයට හේතුවූ වරිත ද වෙති.

ලහිරු වර්තමානයේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් සඳහා දායකවන්නේ නිදහස් නිවේදකයකු ලෙසය.
ස්වර්ණවාහිනිය කඩා වැටෙන අතරේ මෙලෙස එම නාලිකාවෙන් ඉවත්වී යන පිරිස ඒ.බී.සී. නෙට්වර්ක්ස් ආයතනය මගින් ආරම්භ කිරීමට සැලැසුම්කර ඇති රූපවාහිනී නාලිකාවට එක්කර ගන්නා බවද වාර්තා වේ.

 
Related Posts with Thumbnails