Ads 468x60px

.

සිංහලයේ ඇති ලොකුම නිධානයට විදින්න නුවර වැවට පොලොව යටින් උමගක්

වරක් කාශ්‍යප කුමරා ධාතුසෙන රජතුමා හට මරණිය තර්ජනය කරමින් ඇසුවේ රාජ්‍ය සතු ධන නිධානය කොහෙද ? යන්නයී. දෑසේ කදුළු බිදු වැගිරෙමින් ධාතුසෙන රජතුමා පැවසුවේ කලා වැවෙන් දියදෝතක් ගෙන එය තමන්ගේ නිධනය බවයී. එසේ පැවසුවේ හුදෙක් ජලය නිධානයක් ලෙස උපමාවකට ගෙන නොවන බව ඉතිහාසය දන්නා පැරැන්නෝ දනී.


සිංහල රාජ්‍ය තුල අදටත් නොදන්නා දෙයක් ඇත එනම් සියලු රජවරු තම ධනය වැව් යට තැන්පත්කොට වැව් ජලයෙන් පුරවා ලූ බවයී. මෙරට රජවරුන්ට තම ධනය වැව්වලට යට කරන්නට උගැන්වුවේ පුලස්තී රිශිවරයාය අදටත් පරාක්‍රම සමුද්‍ර කණ්ඩිය උඩ පුස්කොල පොතක් දරා ඔහු සිටි. නොදන්නා මෝඩයන් පරාක්‍රමබාහු පිළිරුව යැයී කියන්නේ එයටයී.

ධාතුසේන රජතුමාගේ වචනයේ තේරුම නොදත් කාශ්‍යප තමාගේ දැතින් තම පියාව ඝාතනය කොට දැමු නමුදු ලැබුණු ධනයක් නොමැත. අදටත් මෝඩ මිනිසුන් පන්සල් බුදුපිළිම හාරා නිදන් සොයයී. යම් කිසි දවසක ධනය විහාර පිළිම වල තැන්පත් කළහොත් ඒවාට සිදුවන වීනාශය සිංහල රජවරු අනුරාධපුර ආක්‍රමණ හේතුකොට පොළොන්නරු රාජ්‍යක් සැදීමට පෙර සිටම දැන උන්නා. අදටත් කිසිම පන්සලක විහාරයක නිධාන නොමැත.

සියලු ධනය වැව්වල ජලයට යටකොට තැන්පත් කොට දැම්මේ පළමු ධනය ජලය බවීන් ජලයෙන් ගොවීතැන් කොට ජීවත් වීමටත්. ජලය හිදුණ මොහොතක හෝ ජලය හරස් කොට නැතීකොට සිංහල රාජ්‍යට බලපෑම් කොට සිංහලයා දුප්ප්පත් කොට සිංහල රාජ්ජ්‍ය අල්ලා ගත හැකී බැවීන් සියලු කල්හී සිංහල රාජ්ජ්‍ය සතු මුතුමැණික් සියල්ල වැව් අමුණු මත යට කොට වසා දැමුවෝය. සිංහල රාජ්ජ්‍ය අවුරුදු දෙදහස් ගණනක් පුරා එක්රැස් කල ධනය අවසන්වරට නුවර වැවට යටකොට ජලය පුරවා ඇත. නුවර මෙන්ම තව වැව් 567 කම මෙම නිදන් තැන්පත්කොට ඇත.

මෙය අවබෝධකොට ජනතා විමුක්තී පෙරමුණ සන්ධාන රජය සමයේ ඉල්ලුවේ ගොවීතැන් කර්මාන්ත සහ වාරීමාර්ග ඇමතීකමයී නමුත් ඔවුන් හැරුවේ වැරදී වැව් කිහිපයකී. නමුත් නුවර වැවේ ඇතී නිධානය කවුරුන් හෝ අතට පත්වුවහොත් එම ධනයෙන් සමස්ත ලංකාවම තමන්ගේ බලයට ගනු ඇත. තවද සිංහල රාජ්‍යයේ අවසන් මොහොතක පල ප්‍රයෝජනයට තැබූ නිධන් ගැනීම පාපයකී.

දැන් තරුණ මන්ත්‍රීවරයෙක් මේ උදෙසා මහනුවර වාහන තදබදය අඩු කිරීමට කියා වැව හරහා උමගක් හැරීමට වැඩ පටන් ගෙන ඇත. මහනුවර මෝඩ සිංහලයින් වැව යට පාරෙන් යෑමට උඩ බලා සිටි. එම තරුණ මන්ත්‍රීවරයා එම උමන් පාරෙන් ගොස් සියලු ධන නිධානයන් වලට වග කියනු ඇත. එම තරුණ මන්ත්‍රීවරයා ඇමතී කම් නොගෙන මහාමාර්ග අමාත්‍යංශයේ නොනිල ඇමතී ලෙස සියලූ වැඩ සිදුකරයී අහෝ ලංකාව!. නුවර වැව..! දැන්වත් මහා විනාශයකටපෙර නැගී සිටිමු.
 
Related Posts with Thumbnails