Ads 468x60px

.

තට්ටු තිහකින් EPF කොල්ලය යළි ඇරඹේ

සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන මුවාවෙන් එම අරමුදල කොල්ලකෑමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමෙන් අනතුරුව අරමුදල අසීමිතව කොල්ලකෑමේ පනත් සංශෝධනයක් ඊයේ (18) කුමන්ත්‍රණකාරී ලෙස පාර්ලිමේන්තුවේදී සම්මතකර ගෙන ඇත.


දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින ආණ්ඩුව නවතම කුමන්ත්‍රණය දියත්කර ඇත්තේ EPF අරමුදල සදහා තිස්මහල් ගෙඩනැගිල්ලක් ඉදිකරන මුවාවෙනි. එම ගොඩනැගිල්ලට දැරිය යුතු වියදමෙන් 50% අරමුදලෙන් දැරීමට අදාල පනත් සංශෝධනයෙන් ඉඩ සලසාගෙන ඇත. එහෙත් එම වියදම කොතෙක්දැයි මේ වනවිට ඇස්තමේන්තු කර නැත. 2011 වසර අවසන්වන විට EPF අරමුදල රුපියල් කෝටි එක්ලක්ෂ දස දහසක් පමණ විය.

ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ වියදම ඇස්තමේන්තු නොකිරීමෙන් අරමුදල අසීමිතව යෙදවිය හැකි නිසා තමන් ඊට විරුද්ධ බව අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු උපදේශක සභාවේදී පවසා තිබේ. එම විරෝධයන් නොතකා කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව ඊයේ (18) එම පනත් සංශෝධනය සම්මතකරගෙන ඇත.
 
Related Posts with Thumbnails