Ads 468x60px

.

නෙක්ස්ට් චැප්ටර් හි රූගතකිරීම් සඳහා ඕප්රා වින්ෆ‍්‍රි ඉන්දියාවට

සුප‍්‍රසිද්ධ රූපවාහිනි සාකච්ඡා වැඩසටහන් මෙහෙයවන්නියක් වන  ඕප්රා වින්ෆ‍්‍රි, සිය ප‍්‍රථම ඉන්දීය සංචාරය පසුගියදා ආරම්භ කළාය.
ඇය මෙම සංචාරයේ නිරත වන්නේ සිය මීළඟ වැඩසටහන වන ’නෙක්ස්ට් චැප්ටර්’ හි රූගතකිරීම් සඳහාය.මෙම වැඩසටහනයේදී ඇය ලොවපුරා සිටින තරු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඇය වෙනුවෙන් මුම්බායේ දැවැන්ත සාදයක් සූදානම් කර තිබූ අතර, මේ සඳහා බොලිවුඞ් තරු රැසක්ද සහභාගී විය.මේ සඳහා සහභාගී වූ  ඕප්රා, තැඹිලි හා රන් පැහැ සාරියකින් සැරසී සිටීම විශේෂ විය.සාදයට සහභාගී වීමට පෙර භච්චන් පවුල හමුවීම සඳහා ඇය ඔවුන්ගේ නිවහනටගියාය.මේ අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජායිපූර් සාහිත්‍ය උළෙලටද ඇය සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කරයි.

 
Related Posts with Thumbnails