Ads 468x60px

.

මිනී කූපර් හිටිහැටියේ ගිනි ගනියි ගන්නේ බලාගෙනයි

වසර 2006 මාර්තු සිට 2011 ජනවාරි දක්වා නිෂ්පාදනය කරන ලද මිනී කූපර් මෝටර් රථ 235,000 ක් යළි කැඳවීමට ජර්මනියේ මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන බී එම් ඩබ්ලිව් සමාගම තීරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.


මෙම මෙටර් රථ යළි කැඳවීමට තීරණය කර ඇත්තේ එහි ඇති කාර්මික දෝෂයක් හේතුවෙනි.මේ දෝෂය හට ගත් මෝටර් රථ මාදිලි අතර කූපර් එස් හා ජෝන් කූපර් වර්ක්ස් යන මාදිලීන්වේ.මෙම දෝෂය හේතුවෙන් මෝටර් රථය හිටිහැටියේ ගිනිගැනීමත් බොනට්ටුවෙන් දුම්දැමීමත් සිදුවේ.

මේ දෝෂය බි‍්‍රතාන්‍යයේ ඇති මිනී කූපර් රථ 30,000කට පමණ හා ඇමෙරිකාවේ මිනී කූපර් රථ 89,000කට පමණ බලපා ඇතැයි වාර්තා වේ.මේ අතර, බී එම් ඩබ්ලිව් සමාගම පවසන්නේ මෙම දෝෂය සම්බන්ධව දැනටමත් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.
 
 
Related Posts with Thumbnails