Ads 468x60px

.

වේලක්‌කන්නි වන්දනාවට ගිය ශ්‍රී ලාංකිකයන් රැගත් බස්‌ 7කට කොටි' පහර දීලා...

එයින් 76 ක්‌ කාන්තාවෝ සහ 36 ක්‌ දරුවෝ...

ශ්‍රී ලාංකික පාසල් පාපන්දු පිලක්‌ ද හරවා එවීමට කටයුතු කිරීමත් සමඟ මේ ශ්‍රී ලංකා විරෝධය උත්සන්න වෙලා...
 
ට්‍රිචි ගුවන්තොටුපළ බලා එමින් සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් බස්‌රථ හතකට තමිල් නාඩුවේ කොටි හිතවාදීන් විසින් ප්‍රහාර එල්ල කර ඇත. මොවුන් කළු කොඩි ඔසවාගෙන බස්‌රථවලට පහර දී ඇත. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (4 දා) සවස්‌ වරුවේය.

මෙම බස්‌රථ ප්‍රහාරයට ලක්‌වී ඇත්තේ

කට්‌ටූර් ප්‍රදේශයේදීය. එම බස්‌රථවල ශ්‍රී ලාංකිකයන් 178 ක්‌ ගමන් කර ඇති අතර එයින් 76 ක්‌ කාන්තාවෝ සහ 36 ක්‌ දරුවෝ වෙති.

කොටි හිතවාදීන්ගේ තර්ජන නිසා විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් යළි මව්බිමට ඒමට ටි්‍රචි ගුවන්තොටුපළ බලා පැමිණි ශ්‍රී ලාංකිකයන් රැගත් බස්‌රථ මෙලෙස ප්‍රහාරයට ලක්‌ව ඇත. මෙම පිරිස වේලක්‌කර්නි දේවස්‌ථානය වන්දනා කිරීම සඳහා ගිය ශ්‍රී ලාංකික බැතිමත්හු වෙති.


මේ අතර ඊයේ (4 දා) පෙරවරුවේ වේලක්‌කර්නි කතෝලික දේවස්‌ථානය වන්දනාමාන කිරීමට ගිය ශ්‍රී ලාංකික බැතිමතුන් 180 දෙනකු ද කොටි හිතවාදීන්ගේ තර්ජනයට හා විරෝධයට ලක්‌වී ඇත.
මේ තර්ජන නිසාම ශ්‍රී ලාංකිකයිනට තමිල්නාඩුවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍යාංශය මගින් දැනුම් දීමක්‌ කර තිබිණි.

පෙරේදා (03 දා) දිනයේ තන්ජමාර් කතෝලික දේවස්‌ථානය වන්දනා මානය සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසකට ද එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගේ විරෝධය නිසා දේවස්‌ථානයේ රැකවරණ සලසා ගැනීමට සිදුවිය.


තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් චෙන්නායි හි නේරු ක්‍රීඩාංගණයේ සුහද තරගයකට ගිය ශ්‍රී ලාංකික පාසල් පාපන්දු පිලක්‌ ද හරවා එවීමට කටයුතු කිරීමත් සමඟ මේ ශ්‍රී ලංකා විරෝධය උත්සන්න විය.
ටි්‍රචි ගුවන් තොටුපළට එමින් තිබූ මෙම බස්‌රථවලට පහර දුන් කොටි හිතවාදීන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.



 
Related Posts with Thumbnails