Ads 468x60px

.

ගලෙන්බිදුනුවැව ශිෂ්‍යාවන් දෙදෙනෙක් බියර් බී වෙරි මතින් ළමා උද්‍යානයේ...

මොවුන් වයස අවුරුදු 17 හා 19 වන වියේ පසුවන්නෝලු...

අත්අඩංගුවට ගනිද්දී අධික ලෙස බීර පානය කර අශෝබන ලෙස හැසිරිලා..

අනුරාධපුර නගරයට උපකාරක පංති සඳහා පැමිණ ප්‍රසිද්ධ ස්ථානයක බීමත්ව හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට හා ශිෂ්‍යයකුට රුපියල් 9000 ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කර තිබෙනවා.

එක් අයෙකුට රුපියල් තුන්දහස බැගින් රුපියල් නව දහසක දඩ නියම විය.දඩ නියම වූයේ කැකිරාව ගලෙන්බිදුනු වැව පදිංචි ශිෂ්‍යාවන් දෙදෙනෙකුට

හා අනුරාධපුර කඩ 30 ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයකුටය. මොවුන් වයස අවුරුදු 17, 18 හා 19 වන වියේ පසුවන්නෝ වෙති.

පසුගිය පළමු වැනිදා අනුරාධපුර පොළ ඉදිරිපිට පිහිටි කුඩා දරුවන් වෙනුවෙන් තනා ඇති ළමා උද්‍යානයේ බීමත්ව ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනෙකු අශෝබන ලෙස හැසිරෙන බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පාලිත නිශ්ශංක මහතාට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව එහි ගොස් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගනිද්දී අධික ලෙස බීර පානය කර වෙරි මතින් සිටි බව පොලිසිය පවසයි.
 
Related Posts with Thumbnails