Ads 468x60px

.

වෙබ් අඩවි වලින් පුද්ගලයින්ට අපහාස කරන එක නවත්වනවා - ජනපති

මඩ ගැහිලි අනන්ත අප්‍රමාණයි...

මේ මඩ ගැහිල්ල හින්දා පවුල් කඩාකප්පල් කරනවා...

අම්මලා තාත්තලාට මඩ ගහනවා ඉතාම නින්දිත විදිහට...

ඇතැම් පුගලයින්ට පුවත්පත් වලින් කෙරෙන අපහාස, මාධ්‍යවලින් කෙරෙන අපහාස, මුදල් ගරාගැනීමේ අරමුණින් බියගන්වා වෙබ් අඩවි වලින් කරන අපහාස පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයා පෙරේදා සවස මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගනයේදී පැවසුවා.

මේ අතර ඇතැම් වෙබ් අඩවි වලින්
පුද්ගලයින්ට අපහාස කරන්නේ එම ලිපි ඉවත් කිරීමට මුදල් ලබාගැනීමේ අරමුණින් වන අතර මීට පෙර එක්තරා වෙබ් අඩවියක් විසින් පුද්ගලයෙකු පිළිබඳව වූ ලිපියක් ඉවත්කිරීමට ලක්ෂ 50ක මුදලක් ලබාගත් බව වාර්තා වුණා.

තවත් වෙබ් අඩවියක් විසින් බන්ධුල පද්මකුමාර පිළිබඳව වූ ලිපියකට පැය කිහිපයක් ඇතුලත ලැබුණු ප්‍රතිචාර සියගනනකින් ඇතැම් ප්‍රතිචාර මකාදැමීමටත් රුපියල් මිලියනයක් ලබාගන තිබූ බවත් වාර්තා වුණා.

"මඩ ගැහිලි අනන්ත අප්‍රමාණයි. මම කිව්වා මේ ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපතිවරයාට අපහාස කරන්න පුළුවන් කමක් නෑ කියලා. මම කිව්වා මට මඩ ගැහුවට කමක් නෑ මේ අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියලා. සමහර අයට පුවත්පත්වලින් කරන අපහාස හා මාධ්‍යවෙන් කරන අපහාස වෙබ් අඩවි වලින් කරන අපහාස මඟින් බය කරලා මුදල් ලබාගැනීමේ වැඩ පිළිවෙලවල් ගැන අද අපි පරීක්ෂණ කරගන යනවා.

ඉන්දියාවේ වෙබ් අඩවි තුන්සිය ගනනක් තහනම් කළා. හාමුදුරුවනේ, එංගලන්තයේත් තහනම් කළා.

මේ මඩ ගැහිල්ල හින්දා පවුල් කඩාකප්පල් කරනවා. අම්මලා තාත්තලා දරුවෝ එකට පවුලක් වශයෙන් ජීවත් වෙන එක විනාශ කරනවා. ඔවුන්ගේ දරුවන් දිහා බලන්න බැරි විදිහට අම්මලා තාත්තලාට මඩ ගහනවා ඉතාම නින්දිත විදිහට. ඒක තමයි එජාපයට විපක්ෂයට පුළුවන් එකමදේ."
 
Related Posts with Thumbnails