Ads 468x60px

.

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයෙන් ලංකාව වෙත ලැබුණු පළමු හා එකම පදක්කම...

ඉසව්ව නිමා කිරීමට ගතව තිබුනේ තත්පර 49.28 ක් පමණයි....

පැරාලිම්පික් තරඟ ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලංකාවට පදක්කමක් හිමිකර දීමට ප්‍රදීප් සංජය ඊයේ රාත්‍රියේ (ලංකාවේ වේලාවෙන්) සමත් විය.

මීටර් 400 ටී – 46 ඉසව්වෙන් (එක් අතක් අප්‍රාණික පිරිමි ධාවන ඉසව්ව) ලෝකඩ පදක්කම ඔහු දිනා ගත්තේය.

මේ සඳහා ඔහු ගත කළ කාලය තත්පර 49.28 කි. රන් පදක්කම ඔස්ට්‍රියාවේ ගන්තර් මැට්සින්ගර් (තත්පර 48.45) ට  හිමිවිය. රිදී පදක්කම දිනා ගත්තේ බ්‍රසීලයේ යොහැන්සන් නසිමෙන්ටෝ (තත්පර 49.21) ය.
මෙතෙක් කල් පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයෙන් ලංකාව වෙත ලැබුණු පළමු එකම  පදක්කම ද මෙය වේ.


2012 පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වූ ඊයේ (04 දා) T-46 කාණ්‌ඩයේ මීටර 400 ඉසවුවේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සංජය, සිය ඉසව්ව ත. 49.82 කින් අවසන් කොට එහි අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේය.

මෙවර පැරාලිම්පික්‌ ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනා අතරින් අවසන් තරගයක්‌ සඳහා මෙතෙක්‌ වරම් ලැබූ එකම ක්‍රීඩකයා ප්‍රදීප් සංජය වේ.

එක්‌ අතක්‌ අප්‍රාණික T-46 කාණ්‌ඩය නියෝජනය කරන ප්‍රදීප් සංජය, මූලික තරග දෙකකින් සමන්විත මීටර 400 ඉසව්ව දෙවැනි මූලික තරගයට සහභාගිවෙමින් දෙවැනි ස්‌ථානයට තරගය නිම කිරීමට සමත්වූ අතර එය ඔහුගේ පෞද්ගලික දක්‍ෂතාව ඉක්‌මවාලීමක්‌ ලෙසද වාර්තා විය.

අදාළ තරග ඉසව්වේ අවසන් තරගය ශ්‍රී ලංකාවේ වේලාවන් අද (05 ) අළුයම 12.58 ට පැවැත්වුන අතර එහිදී තෙවන ස්ථානය ලඟා කරගනිමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ප්‍රදීප් සංජය සමත් විය.ඔහුට එම ඉසව්ව නිමා කිරීමට ගතව තිබුනේ තත්පර 49.28 ක් පමණි.




 
Related Posts with Thumbnails