Ads 468x60px

.

තවත් එක්‌ මස්‌ වැද්දකුගේ කෲරතර ඉරණමකට ගොදුරු වනු වෙනුවට...

දුම්රියේ වැදී තුවාල වෙලා රේල් පාර අයිනේ වැටිලා හිටියා...

ඇඟේ ගොඩක්‌ තැලුම් තියෙන නිසා ඌට නැගිට ගන්න අමාරුයි...

මුදලට තණ්‌හාවෙන් හා මසට ගිජු වී එළ ගවයන් බුරුතු පිටින් ලොරි වලට පටවාගෙන යමින් හිංසා කරන්නන් මෙන්ම අමු අමුවේම උන්ගේ ගෙල සිඳින හා හතර හන්දි කඩා දමන නොමිනිසුන් පිරි රටක සත්ත්ව අවිහිංසාව ගැන කියෑවෙන එක්‌ සංවේදී කතාවකි මේ.

සීග්‍රගාමී දුම්රියක වැදීමෙන් කොස්‌ගොඩ ප්‍රදේශයේ රේල් පාරක්‌ අසලදී තුවාල සහිතව වේදනාවෙන්,

නැගිටීමටවත් නොහැකිව සිටි මේ අසරණයාව උපතිස්‌සට නෙත ගැටුණේ එම සතාගේ පෙර පිනකටය. ඒ ඉකුත් (12) වැනිදාය.තවත් එක්‌ මස්‌ වැද්දකුගේ කෲරතර ඉරණමකට ගොදුරු වනු වෙනුවට උපතිස්‌සගේ සානුකම්පිත දැස්‌ ඒ අසරණයාට පිහිටක්‌ වූයේය.

තම නිවස වෙත වහා දිවගිය ඔහු තමාට අයත් ලෑන්ඩ්මාස්‌ටරය පණගන්වා වහා එතැනට පැමිණ තවත් අයගේ උදව් උපකාර ඇතිව එම සත්ත්වයා එයට පටවාගෙන ගොස්‌ ප්‍රතිකාර කරන්නට පටන්ගත්තේය. ඔහු කොස්‌ගොඩ, නාපේ පදිංචි උපතිස්‌ස අශෝක කුමාර මෙන්ඩිස්‌ 47 හැවිරිදි දෙදරු පියෙකි. සංචාරක හෝටල් කම්කරුවකු වන ඔහු දැනට රැකියාවද අහිමිව දුෂ්කර ජීවිකාවක්‌ ගත කරන්නෙකි.

දුම්රියේ වැදී මේ සතා තුවාල වෙලා රේල් පාර අයිනේ වැටිලා හිටියා. මට හිතුණා මේ අහිංසකයාට සාත්තු කරලා සනීප කරන්න ඕනේ කියලා. හතර දෙනෙක්‌ විතර උදව් කරගෙන තමයි මගේ ලෑන්ඩ්මාස්‌ටරයට මෙයාව දාගත්තේ.

දැන් තුවාල ගොඩක්‌ දුරට සනීපයි. ඒත් ඇඟේ ගොඩක්‌ තැලුම් තියෙන නිසා ඌට නැගිට ගන්න අමාරුයි. තම ජීවිතය ගලවා දෙන්නට ඉදිරිපත් වූ ඉෂිවරයා තමා සමීපයට පැමිණි වග දැනිලාදො ගිලන්ව සිටි ගව පැටවා දැස්‌ ඔහු දෙසට හරවා අසරණ බැල්මක්‌ හෙළුවේය.


 
Related Posts with Thumbnails