Ads 468x60px

.
මාදුරු ඔය රක්‍ෂිතයේ ගින්නෙන් අක්කර 1,500ක් ඉවරයි

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ හටගත් ගින්නකි අක්කර 1,500 ක පමණ ප‍්‍රදේශයක ගහකොළ විනාශවී ගොස් ඇතැයි වාර්තා වේ.

පසුගිය 04 වැනිදා සිට ඇවිලෙමින් තිබෙන මෙම ගින්න තවමත් සුළු වශයෙන් පැතිර යමින් තිබෙන බවද මේ අතර, වාර්තා වේ.

අදාළ තත්ත්වය පාලනය කිරීමට වනජීවී නිලධාරීන් හා මාදුරු ඔය යුදහමුදා නිලධාරීන් කටයුතුකරමින් සිටින බවද පැවසේ.

හෙනානේගල ප‍්‍රදේශයේ පැවැති ගින්න ඊයේ (06) සවස්භාගය වන තෙක්ම පැවැති බවද මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ භාරකරු එස්.පී.ජී. ලයනල් මහතා පැවසීය.
 
Related Posts with Thumbnails