Ads 468x60px

.
ඉන්දීය සාගරයේ බලය වැඩිකරගැනීමට චීනය මෙරට සහය පතයි?

2005 වසරේ සිට චීනය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ආධාර ප්‍රමාණය ඉහළ නංවා ඇති බව අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් වාර්තාව සඳහන් කරයි.

ඉන්දීය සාගරය තුළ සිය බලය වර්ධනය කරගැනීමේ අරමුණින් චීනය මෙම පියවර ගෙන ඇති බව අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දීය සාගරයේ උතුරු ප්‍රදේශය තුළ චීන බලය ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාගැනීම වෙනුවෙන් මෙරට සමග සුහදතාවය වර්ධනය කිරීමට චීනය උත්සාහ දරන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

චීනයේ මෙම උත්සාහයන් පිළිබඳව ඉන්දීයාවේ ආරක්ෂක සැලසුම් සකස්කරන්නන් සිය අවධානය යොමුකර ඇති බව ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails