Ads 468x60px

.
ඇමැති ධුරයෙන් අස්‌වන බවට මා කිසිම විටෙක කීවේ නෑ
ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත


ඛනිජ තෙල් සංස්‌ථාව විසින් බෙදාහරින ලද පෙට්‍රල් පාවිච්චියට ගත් වාහනවලට හානියක්‌ සිදුවී ඇතැයි ඔප්පු කළහොත් තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන බවට කිසිම අවස්‌ථාවක ප්‍රකාශ කළේ නැතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ඛනිජ තෙල් සංස්‌ථාව මගින් බෙදාහරින ලද ඉන්ධන පාවිච්චි කළ වාහනවලට හානියක්‌ සිදුවී ඇතැයි ඔප්පු කළහොත් තමන් ඉල්ලා අස්‌වන බවට ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ ප්‍රකාශය ඒ ආකාරයෙන්ම ඉටුකළ යුතුයෑයි එක්‌සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ප්‍රශ්නගත පෙට්‍රල් භාවිත කිරීම නිසා යම් අයකුගේ වාහනයකට හානියක්‌ වී ඇත්නම් ඒ සම්බන්ධව සොයාබලා එහි වගකීම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් භාරගන්නේ යෑයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා ප්‍රකාශ කළ බවත් එහි සඳහන් වේ.
 
Related Posts with Thumbnails