Ads 468x60px

.
යාපනය වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියා මාර්ගයේ

ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලේ වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දිම එපිටකඩුව මහතා සඳහන් කළේය.

ඔවුන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පහත් අන්දමින් සැලකීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය යාපනය රෝහල තුළ උද්ගතව ඇති බව වෛද්‍ය චන්දිම එපිටකඩුව මහතා පෙන්වා දෙයි.

හෙට දිනය වන විට අදාළ පෞද්ගලික අංශ ආරක්ෂක නිලධාරීන් මාරු කිරීමට හෝ ඉවත් කිරීමට බලධාරීන් අපොහොසත් වුවහොත් සියලු වෛද්‍යවරුන් සිය සේවා කටයුතු වලින් බැහැර වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails