Ads 468x60px

.
බාල පෙට්‍රල් ඉවතට -අලුත් පෙට්‍රල් වෙළඳපොළට

පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් සියලුම පෙට්‍රල් තොග වෙළෙඳපොළෙන් ඉවත් කර ඇති බවත්, මේ වන විට අලුත් පෙට්‍රල් තොග වෙළඳපොළට නිකුත්කර ඇති බවත්, කොළොන්නාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජනාරාල් එම්.ආර්.ඩබ් ද සොයිසා මහතා ප‍්‍රකාශ කරයි.

එහෙයින් පෙට‍්‍රල් මිලදී ගැනීමේ දී ඉන්ධන පාරිභෝගික ජනතාව කිසිදු බියක් ඇතිකර ගතයුතු නැතැයි ද ඒ මහතා පවසයි.

මේ වන විට කිසිදු අඩුපාඩුවකින් තොරව දිවයිනේ සෑම ප‍්‍රදේශයකටම පෙට්‍රල් ඇතුලු ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ද ඒ මහතා කියයි.

ප්‍රෙට්‍රල් මෙට්‍රික් ටොන් 20, 000 ක් ගෙන්වා බෙදාහැරීම සමග ඇතිවූ ආන්දෝලනයත් සමග ඊට අදාළ පෙට්‍රල් තොග බෙදාහැරීම නතර කොට, පිරවුම්හල්වල ඉතිරි වී තිබූ එම පෙට්‍රල් තොග, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වෙත ගෙන්වා පරීක්‍ෂා කිරීමට ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පසුගියදා නියෝග කළේය.

එමෙන්ම පසුගිය මස 29 දින මෙරටට ගෙන්වන ලද අලුත් පෙට්‍රල් තොගය බෙදාහැරීමට කටයුතු යොදන ලෙස ද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන් අතර ඒ අනුව පසුගිය මස 30 වන දින සිට එම පෙට්‍රල් තොගය දිවයින පුරා බෙදාහැරීමට පියවර ගත් බව ද එම්.ආර්.ඩබ් ද සොයිසා මහතා ප‍්‍රකාශ කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC)මෙන්ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට (LIOC) යන ආයතන දෙකටම ඉන්ධන සපයනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම බවත් එම ආයතන දෙකටම අලූතින් ගෙනා පෙට්‍රල් තොග මේ වන විට ලබාදී ඇති බවත් මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්. ද සොයිසා මහතා පවසයි.

අලුතින් ගෙනා ඉන්ධන තොග විශේෂ පරීක්‍ෂණයට ලක්කොට බෙදාහරින බවත් ඒ අනුව මේ වන විට වෙළඳපොළේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.
 
Related Posts with Thumbnails