Ads 468x60px

.
රජය ජනතාව නොමග යවන ප්‍රකාශ කරනවා

ආසනික් නොමැති බවට පවසමින් රජය විසින් ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන බව ජාතික හෙළ උරු‍ම‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

මේ වන විට සිදුකර ඇති පර්යේෂණ වලට අනුව මෙරට හාල්වල ආසනික් ඇති බවට අනාවරණය වී ඇති බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ජනතාව අතර අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිනවා වෙනුවට මෙම ආසනික් අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව අතුරලියේ රතන හිමියන් සඳහන් කළේය.

"ආසනික් කුමන්ත්‍රණය පරදවමු" යන මැයෙන් කොළඹ දී අද(07) පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
 
Related Posts with Thumbnails