Ads 468x60px

.

වසර 110 ක් පුරාවට දැල්වෙන විදුලි බුබුලක්

වසර 110ක් පුරාවට දැල්වෙන විදුලි බුබුලක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ. මෙම විදුලි බුබුල ඇත්තේ කැලිෆෝනියාවේ ලිවර්මෝ ප‍්‍රදේශයේ පිහිටි ගිනි නිවන මධ්‍යස්ථානයකය.
වසර 1901 දී ප‍්‍රාදේශීය ව්‍යාපාරියකු විසින් මෙම ගිනි නිවන මධ්‍යස්ථානයට තිළිණ කළ මෙම විදුලි බුබුල මේ දක්වා පැය 960,000ක් දැල්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වොට් 60ක බල්බයක් වන මෙය දැල්වෙන්නේ වොට් 4කටය.

කෙසේ වෙතත් මෙම විදුලි බුබුල මෙතෙක් කල් දැල්වී තිබීමට හේතුව සොයාගැනීමට විiාඥයින් පවා අසමත් වී තිබේ.

මෙම අපූරු විදුලි බුබුල, කි‍්‍රයාකරන ලොව පැරණිතම විදුලි බුබුල ලෙසට ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වී ඇත.

 
Related Posts with Thumbnails