Ads 468x60px

.

කොළොන්නාවේ සුමංගල හිමි හා උඩුවේ ධම්මාලෝක හිමි, අලි පැටවෙකුටවත් ඉන්නට නොදේ..

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ වන අසපුවට ආ මාස 3ක් පමණ වන කුඩා අලිපැටවෙකු ඊයේ (22) රාත‍්‍රී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන යළි මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණය විය.
කෙසේ නමුත් කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ අසපුවේ සිට තෑගි භාණ්ඩයක් ලෙස උඩුවේ අසපුවට රැගෙන ගිය මෙම අලි පැටවා වන ජීවි දේපාර්තමේන්තුවේ ඇස් වසා රැගෙන යාමට තැත් කර තිබුනත් එහි පහල නිලධාරීන් වැලිකඩ පොලීසිය ඇමතුමක් දී අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ.

නමුත් වැලිකඩ පොලීසිය මගින් මෙම අලිපැටවා උඩුවේ හිමිගේ අසපුවට රැගෙන යන බව දන්වා පිටත් කර යවා ඇත. කෙසේ නමුත් උඩුවේ හිමිගේ අසපුව වටකොට ඇති වන තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් පසුව අලි පැටවා ලබාගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් උඩුවේ හිමිගේ මැරයින් විසින් එය වලකා ඇත.

අවසානයේ 24 උදෑසන වන විට අලි පැටවා වනජීවී භාරයට ගැනීමට හැකිවි ඇති බව වාර්තාවේ. බුදුරැස් විහිදමින් බණ කියනා මේ හිමිවරු දෙපල තෑගි ලෙස මේ තිරිසන් අලි පැටවුන් හුවමාරු කර ගැනීම කුමන දහමකට වුවද නුහුල්ලන වැඩක් බව වැදෑරිය යුතුමය. උපාසක උපාසිකාවනි ඔබේ පැටවාත් මේ යුවලගෙන් ආරක්ෂා කර ගන්න
 
Related Posts with Thumbnails