Ads 468x60px

.

මවට ආහාර ගෙන වැඩපොළට ගිය බාලවයස්කාරියට පෙම්බැඳ ලිංගික අතවර කරලා

වයස අවුරුදු 14 ක බාලවයස්කාර දැරිය දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව ඇගේ මව සේවය කරන ආයතනයේ සේවකයකු සහ එහි කළමනාකරු පිළිබඳ සොයා බැලීමේ පරීක්ෂණ කොච්චිකඩේ පොලිසිය ආරම්භ කර ඇත. පෝරතොට කොච්චිකඩේ පදිංචි බාලවයස්කාර දැරියකගේ මව එම ප්‍රදේශයේම පිහිටි ආයතනයක සේවය කරයි.  තම මවට දිනපතා දිවා ආහාර ගෙන එන්නේ මෙම දැරිය විසිනි.
දැරිය එහි සේවකයකු සමග ප්‍රේම සම්බන්ධයකට මුලපුරා ඇත.  කාලය ගෙවී යද්දී තමාව විවාහ කර ගන්නා ලෙස දැරිය ප්‍රේමවන්තයාට පවසා තිබුණි. ඔහු ඇයව මඟ හරිමින් සිට විවාහයට එකඟ වී නැති අතර දුකට පත් දැරිය වේදනා නාශක පෙති ගණනාවක් බිව්වේ ඉන් අනතුරුවය. දැරිය ප්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. කොච්චිකඩේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.
තම මවට ආහාර ගෙන යන විට මුණ ගැසුණු තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් බවත්, ගෙදර තනිව සිටි දිනක සුපුන් පැමිණ තමාගේ කැමැත්තෙන් තොරව ලිංගික අතවර කළ බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබුණි. විවාහ කර ගන්නා ලෙස තරුණයාගෙන් කළ ඉල්ලීමට ඔහු අකැමැති වු බවද ඇය පොලිසියට කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ය. සැකකරු පොලිසියට පවසා ඇත්තේ ඔහු ඇයට කිසිදු අතවරයක් නොකළ බවය. 
 
ආයතනයේ කළමනාකරුවෙකු ඇයට අතවරකළ බව සැකකරු පවසා ඇත. ඇයව විවාහ කරගන්නේ නම් තමාට නිවෙසක් සාදා දෙන බව කළමනාකරු කීවේ යැයි සැකකරු පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන්ය.  රු. 5000 ක මුදල් ඇප හා ලක්ෂ 2ක ක ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කර දෙපාර්ශවයෙන් ලබාගත් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර අධිකරණයට වාර්තා කරන ලෙස කොච්චිකඩේ පොලිසියට නියම කළේය.
 
Related Posts with Thumbnails