Ads 468x60px

.

"සූරිය අරණ‘‘ඉරෙන් හදෙන්’’ චිත‍්‍රපට බුද්ධ ධර්ම පේපරේට අවේ කේසේද..?

පසුගිය වාරයට අදාල වාර විභාගයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ බුද්ධධර්ම ප‍්‍රශ්න පත‍්‍රයක අසා තිබූ ප‍්‍රශ්නයන් වූයේ ‘‘ සූරිය අරණ ’’ චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ කවුද යන්නය. එහි දෙවන කොටස ලෙස දක්වා ඇත්තේ එහි එන ‘‘ ඉරෙන් හදෙන්’’ නැමැති ගීතිය ලීයූවේ කවුද යන්නය.
මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාවේ අධ්‍යාපනය හුදු දේශපාලන හිරිකිතයන් සමග ගලප්පන ආකාරයය. මෙවැනි අමනොඥ කි‍්‍රයාමාර්ගයන් මගින් රටේ අධ්‍යාපනයට වී ඇති කලබැගෑනිය වටහා ගත හැකි වනු ඇත. ගෑණු සොරකම් කරගෙන එසේම කුඩා ළමුන් වහල සේවයේ යොදවා චිත‍්‍රපට මගින් ධනය උපයාගන්නා බුද්ධ ධර්මය ප‍්‍රශ්න පත‍්‍රයකට ඇතුලත් වනුයේ කවර තලයක සිටදැයි ප‍්‍රශ්න කිරීමට සිදුවන්නේ අබමල් රොනක හෝ මොලයක් ඇතැයි විශ්වාස කරන ලංකාවේ අධ්‍යාපනඥයින්ගෙනි.

සියල්ල දේශපාලනයට යටවී මෙවැනි අමනොඥ කි‍්‍රයාමාර්ගයන් කර ගැසීමට බලාසිටින අධ්‍යාපනඥයින් සිටින රටක්දැයි යන ප‍්‍රශ්නය මතු වන්නේ මෙකී තත්ත්වයන් තුලය එබැවින් අනාගත පරපුරේ අධ්‍යාපනය තීරණය කිරීමට වහල් වෙළදුන්ට හෝ ගැහැණු සොරුන්ට ඉඩ නොදීමට වගබලාගත යුතු බව අධ්‍යාපනය සම්බන්ධයෙන් හැගීමක් ඇති සැමට අවධාරණය කරමු.
 
Related Posts with Thumbnails