Ads 468x60px

.

කොස්තාපල්වරියට අශෝභන ක්‍රියාවක් සහ පොලිස් ක්‍රීඩකයාගේ අමුතු සෙල්ලමක්

රූමත් පොලිස් කොස්තාපල්වරියක් ක්ෂේත්‍ර බළකා නිල නිවාසවලට පිටුපසින් ඇතුළුවන දොරටුවේ රාජකාරි කටයුතුවල නියැලී සිටියාය. සමුපාකාර ආපනශාලාව ආසන්නයේ ඇති හිස් ඉඩම දෙසින් එකපාරටම මිනිස් රුවක් මතුවිය.
පොලිස් කොස්තාපල්වරයාගේ නෙත ඒ දෙසට යොමු වූයේ ඉබේටමය. ඒ මිනිස් රුව කොස්තාපල්වරියට පෙනෙන සේ අශෝභන ක්‍රියාවක නිරත වී ඇත.
 
ඇයට උන්හිටි තැන් අමතක විය. මේ දිනවල සතරදිග් භාගෙන් ඇසෙන ගී‍්‍රස් යකුන් සිහියට නැඟිණි. ඒ මොහොතේම දොරටුවෙන් ඇතුළු වීමට ආ පොලිස් නිලධාරියකුට ඇය ඒ ගී‍්‍රස් යකා පෙන්වා ඔහුගේ අශෝභන ක්‍රියාව ද ඇය වහා සැලකර සිටියාය. පොලිස් නිලධාරියා ගී‍්‍රස් යකා ලුහුබැන්දේය. ගී‍්‍රස් යකා යතුරුපැදියක නැඟී ඊයක වේගයෙන් පලා ගියේය.
 
යතුරුපැදියේ අංකය ඔස්සේ සොයා බැලූ විට ගී‍්‍රස් යකා තනි තරුවක් පළඳින පොලිසියේම ක්‍රිඩකයෙක්ලු. කොස්තාපල්වරිය ඒ බව තම ප්‍රධානියාට පැමිණිලි කළත් නීතිය ක්‍රියාත්මක කරනවාට පිරිමි පාර්ශ්වය හා කාන්තා පාර්ශ්වය අතර කඹ ඇදිල්ලක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
Related Posts with Thumbnails