Ads 468x60px

.

අට හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ අයෙක් අත්අඩංගුවට

අට හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ හතළිස් හැවිරිදි අයකු පහළ යාගොඩ ප්‍රදේශයේදී ගනේමුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් මෙසේ අපයෝජනයට ලක්කොට ඇත්තේ පහළ යාගොඩ මාහේන ප්‍රදේශයේ ඔහුගේ අල්ලපු ගෙදර සිටි කුඩා දැරිය බව පොලිසිය කියයි.
අතවරයට ලක්වූ දැරියගේ පියා සහ මව දියණිය නිවසේ තනිකර දිනපතා රාජකාරි සඳහා පිටව ගිය අවස්ථාවක අල්ලපු නිවසේ සිටි සැකකරු තම නිවසට දැරිය ගෙන්වා ගෙන ලිංගික අපයොජනය කර ඇතැයි ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති දමින්ද සෝමජිත් මහතා පවසයි.
 
සැකකරුගේ බිරිඳ විදේශ ගතව ඇතැයිද පොලිසිය පවසයි. සැකකරුට දාව දොළොස් හැවිරිදි දියණියක් සිටින බවත්, එම දියණිය නිවසේ නොසිටි අවස්ථාවේ අසල්වැසි දියණිය නිවසට ගෙන්වා අතවර කොට ඇතැයිද සෝමජිත් මහතා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (23) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගනේමුල්ල පොලිස්ථානාධිපති දමින්ද සෝමජිත් , කාන්තා පොලිස් පරීක්‍ෂක නන්දනී, උප පරික්‍ෂක වික්‍රමසිංහ යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.
.
 
Related Posts with Thumbnails