Ads 468x60px

.

වසර 30 කට පසුව ඉතාලියට අධික ශීතලක් උෂ්ණත්වය -40 C යි (පින්තූර)

ඝන අයිස්  වලින් හා දැඩි හිම පතනයෙන් මුළු යුරෝපා මහද්වීපයම අගුළු ලා ඇති අතර දැනටමත් ජන ජීවීත විශාල සංඛ්‍යාවක් මෙයින් බරපතල ලෙස පීඩාවට පත්  වු බවත් යුරෝපා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 


ඔවුනට උෂ්ණත්වය රදා පැවත්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර උෂ්ණත්වය ඉහල යන ලකුණු මේ සතියේද දක්නට නැති බව කාලගුණ විද්‍යා විශේෂඥයන් පෙන්වා දෙයි. ඔවුන් සදහන්නේ මෙය පසුගිය ජනවාරියේ ඇරඹි අතර පෙබරවාරී මැද භාගය වන තෙක්ම දැඩි සේ යුරෝපය පුරා බලපානු ඇති බවයි.


යුරෝපයේ සමහර ප‍්‍රදේශ වල උෂ්ණත්ව සටහන් වන්නේ සෙල්සියස් අංශක -39 ක් ලෙස වන අතර රාත‍්‍රි කාලයේදී කඳුකර පෙදෙස් වල මෙය සෙල්සියස් අංශක -40 දක්වා පහත වැටෙන බවත් සදහන් වේ.

යුරෝපයේ වෙලද නැව් මාර්ග අහුරමින් ඩැනියුබි ඔස්ටි‍්‍රයා හා කළු මුහුද යන පෙදෙස් මෙය දැඩිව බලපා ඇති ප‍්‍රදේශ අතර වේ. ගමනාගමනයණි බලශක්තියණි වාරිමාර්ග කටයුතුණි ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරවන තත්වයක් ඇති අතර අවතැන් වූ පිරිස් සදහා අදාල රටවල රජයන් මගින් ආහාර හා භාණ්ඩ සැපයුම් සේවාවක් දියත් කර ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙවන් අධික ශීතලක් ඉතාලියට බලපා ඇත්තේ වසර 30 කට පසුව බවත් ඉතාලි කාලගුණ වාර්තා සදහන් කරයි.

 







 
Related Posts with Thumbnails