Ads 468x60px

.

ධීවරයන් පිරිසක් උද්ඝෝෂණයක - කොළඹ - පුත්තලම මාර්ගය මුළුමනින්ම අවහිරවේ.

ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් සහ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස බල කරමින් ප‍්‍රදේශ රැසක ධීවරයන් අද (13) උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත විය. හලාවත ධීවරයන් පිරිසක් විසින් සිදුකල උද්ඝෝෂණය විරෝධතාවය හේතුවෙන්, හලාවත නගරයේ කොළඹ - පුත්තලම මාර්ගය මුළුමනින්ම අවහිරවිය.

 හලාවත - මහවැව මංසන්ධියේදීඅද පෙරවරුවේ ධීවරයන් විරෝධතාවක නිරත විය. එමෙන්ම , වෙන්නප්පුව සහ මීගමුව ධීවරයන්උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි නිරත වුයේ ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමිනි.ටයර් පුළුස්සමින් විරෝධතා පාඨ ඉදිරිපත් කරමින් ඊයේ (12) දිනයේ සිට ධීවරයින් මෙම විරෝධතාවල නිරත වේ.

මන්නාරම
දිස්ත‍්‍රික්කයේධීවරයන් අද (13) ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව මුහුදු යාමෙන් වැලකී සිටි බව වාර්තාවේ.

ජායාරුප අනුග්‍රහය- හිරු එෆ්.එම්.
 
Related Posts with Thumbnails